බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (25) වැඩ බාරගත්තාය.
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහාසංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.
ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික) , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න , බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී. සෝමසිරි , බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොළ මහත්මිය ගේ මෑණියන් වන පද්මිනී අරඹෙපොළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ .
ඡායාරූප චතුර එස් .කොඩිකාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බස්නාහිර ආණ්ඩුකාර වැඩ අරඹයි
omesh Monday, 25 November 2019 09:02 AM
මේක පුදුම ආණ්ඩුවක්.., පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන් කරපු වෛද්‍ය පාදෙණියව අමාත්‍යංශ ලේකම් කෙනෙක් කරලා, සයිටම් එකට පක්ෂව සටන් කරපු සීතා මහත්මියව ආණ්ඩුකාර කරලා.
මමMonday, 25 November 2019 09:29 AM
මෙතුමිය විශේෂඥ වෛද්‍යවරියක්... ඒ නිසා පළාතේ උගුර, කන්, නාසා ප්‍රශ්න ඔක්කොම විසඳයි. හොඳ තෝරාගැනීමක්...
KeashanMonday, 25 November 2019 09:29 AM
පාලනය යනු එයයි. පක්ෂ, විපක්ෂ සියල්ලන්ගේම සහයෝගය, කළමනාකරණය කළ යුතුයි.
රජින්ද Monday, 25 November 2019 09:03 AM
මෙතුමියගේ වටේ ඉන්න වැදගත් මෙන්ම නිහතමානී පිරිස දැක්කම අපිට දැනෙනවා ලංකාවේ අගනුවරද පිහිටා ඇති වැදගත්ම පළාතක් වන බස්නාහිර පළාතේ වැඩකටයුතු ප්‍රායෝගිකව ඉතාමත්ම වැදගත් හා විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවෙයි කියලා. ඔබතුමියට සුබපැතුම්...!!!
eresh S kumara Monday, 25 November 2019 09:07 AM
ඔබතුමියට සුබපැතුම්.. ඉතා දිගු ගමනකට අාසිරි...!!!