IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගනී

(නිමල් ජයරත්න)
 
වෙහෙරගල ප්‍රදේශයේදී  මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු අද(28) වනජීවි නිලධාරීහු පිරිසක් ගොඩගෙන අලුත්ඔය රක්ෂිතයට මුදාහැරීමට පියවර ගත්හ.
 
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුළු වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු අලියා ගොඩගැනීමට පැය හතරක මෙහෙයුමක් ක්‍රියාත්මක  කළහ.
 
අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බවත්, කිලෝමීටර් හතරක් පමණ දුරක් සැඬපහරට ගසාගෙන ගොස් ඇති බවත් ශාන්ත මහතා පැවසීය.
 
ප්‍රදේශවාසීන්ගෙන ලද තොරතුරකට අනුව එහි ගොස් ටයර්, කඹ සහ යකඩ දම්වැල් ආධාරයෙන් අලුත්ඔය ප්‍රදේශයෙන් අලියා ගොඩගත් බවත් වෙහෙරගල අඩවි සහකාරවරයා සඳහන් කළේය.



අදහස් (4)

ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගනී

Champa Thursday, 28 November 2019 10:16 AM

කිලෝ මීටර 4ක් විතර වතුරේ ගහගෙන ගියා නම් තව පොඩ්ඩෙන් අලියාගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා. එහෙම වුණා නම් තවත් අලියෙක් ගැන කණගාටුදායක කතාවක් අහන්න වෙනවා. අනේ වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශයේ ජනතාවට ස්තුතියි අලියව බේරා ගත්තට... අපේ මිනිස්සු සතා සිවුපාවට ආදරය දයාව කරුණාව දක්වන එක ගැන මට හරිම සතුටුයි.

:       1       79

aliya Thursday, 28 November 2019 10:18 AM

ඇලවල් කපලා හැමතැනම... මාව ගොඩට රන් පත්තරේ දාපු හැමෝටම පින් නමුත් මේ ඇලවල් කපපු ගොයියා අහු වුණොත්....!!

:       21       39

Bamunuarachchi Friday, 29 November 2019 02:02 AM

අලි දැන් ඇලේ! උන් ගොඩ ගන්නෙත් අපේ ආණ්ඩුව! හැබැයි සර්ලා ඕවා කරන්න ඕන කැලේ අලින්ට විතරයි. අර කකුල් දෙකේ අයට නම් ආයේ කල්පෙකටවත් ඉහ ගහගන්න දෙන්න හොඳ නැහැ,

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 29 November 2019 06:10 AM

ඉතාම හොඳ පින්වත් සත් ක්‍රියාවක්. අපේ අයගේ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව සතෙක් වුනත් කරදරයකට පත් වුනාම එක් සිත්ව එක්සත්ව කටයුතු කිරීම හරිම සතුටුයි. දුකට පත් අලියෙක් බේරාගත් සැමට සියළු දෙවි රැකවරණය හා උතුම් රත්නත්‍රයේ පිහිට ලැබේවා. ඔබලාගේ පවුල්වල අයටත් නිදුක් නිරෝගී බව හා සියළු ආරක්ෂාව ඇතිවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site