IMG-LOGO

ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැද පුදා ගනී

 

 


 ජනාධිපති   ගෝඨාභය රාජපක්ෂ මහතා අද   (24)  බෙල්ලන්විල රජමහා  විහාරස්ථානය   වැද පුදා    ආශිර්වාද  ලබා ගත්තේය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ  විහාරාධිපති , සිංගප්පූරුවේ  ප්‍රධාන  සංඝනායක , ආචාර්ය  බෙල්ලන්විල  ධම්මමරතන  හිමියෝ   ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  සමරු තිළිණයක්  පිරිනැමූහ.

(ඡායාරූප -   චතුර එස් .කොඩිකාර)



අදහස් (11)

ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැද පුදා ගනී

ලියනාරච්චි Sunday, 24 November 2019 04:48 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිනම් ලංකාවේ කැබිනට් මණ්ඩලය 15 සහ නියෝජ්‍ය ඇමති මණ්ඩලය 15 කරන්න ඉදිරියටත් මෙය ක්‍රියාත්මක කර පෙන්වන්න. ඉන්දියාව ලංකාව මෙන් 60 ගුණයක් විශාලය. නමුත් කැබිනෙට් මණ්ඩලය 25 කි. ඔබ වෙනස් දේශපාලන ගමනක් යාමට බලාපොරොත්තුව සිටින බව සැබෑය. එම නිසා රටට ඔබගේ වැඩ පිළිවෙල ක්‍රියාවෙන් පෙන්වන්න. රටේ ජනතාව ඔබට 69 ලක්ෂයක් ඡන්දය දී පත්කර ගත්තේ ඇසට පෙනෙන ඇඟට දැනෙන වෙනසක් බලාපොරොත්තුවය. දැන් එය පටන්ගෙන ඇති බව පෙනේ. ලංකාවේ නිදහසෙන් පසු බිහි වූ හොදම රජය ඔබ විසින් පිහිටුවා ඇති බව පෙනෙන්නට තිබේ. ඔබ වචනයක් දුන්නොත් එය අකුරටම ක්‍රියාත්මක කරන බව ප්‍රකටය. එම නිසා ඔබගේ රජය ඉතාම අඩු ඇමති මණ්ඩලයකින් විශාල සේවයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අපට පෙනේ. එමෙන්ම රජයේ නිලධාරීන්ගෙන් වැඩ ගැනීමට ඔබතුමා සූරයෙකි. එක දුරකතනයෙන් බොහෝ දේ ඔබතුමා විසින් කර ඇතිබව අප දනිමු. ඔවුනට තදින්ම සිටිය යුතුය. නොඑසේනම් ලංකාවේ බොහොමයක් රජයේ ඉහල නිලධාරියකු සේවය නොකරන්නේය. ඒවගේම කිසිම විදේශ තානාපතිවරයකුට ලංකාවේ දේශපාලන හෝ රජයට අතපෙවීමක් කෙසේවත් නොකර ගන්න. තනිකරම සිංහල ඡන්දවලින් ඔබ ජනාධිපති වීම ගැන ඔබ වගේම අපත් ආඩම්බර වෙමු.

:       373       203

ඒකනායක Sunday, 24 November 2019 05:01 PM

ගෝඨාභය රාජපක්ෂ මහතාව රටේ ජනතාව පත්කර ඇත්තේ ඍජු තීන්දු තීරණ ගැනීමටය. පසුගිය රජයයන් වල මෙන් මෙතුමා වටේ සිටින අයගෙන් උපදෙස් නොගෙන තීන්දු ගැනීම ජනාධිපතිවරයාට හැකිය. එය ඔහු සතු බලයකි. පසුගිය රජයන්වල සිටි පුද්ගලයන්ගේ උපදෙස් මත ජනාධිපතිවරු තීරණ ගැනීමට ගොස් එම ජනාධිපතිවරු අමාරුවේ වැටිණි. ඔබතුමා හිටපු හමුධා නිලධාරියකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයා නිසා ඔබට රටේ පාලනය පිළිබද හොද වැටහීමත් තිබෙන බව රටේ සමස්ත ජනතාව දනී. වටේ සිටින කේවට්ටයන්ගෙන් ප්‍රවේසම් වන්න.

:       3       195

ChampaSunday, 24 November 2019 08:00 PM

ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දයට පෙර සිටම ප්‍රකාශ කලේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහු වටේ සිටින පිරිස විසින් හැදු බවයි. එමෙන්ම ඔහු කිසි විටෙක දේශපාලන විවාද තියා දේශපාලන සංවාදයකටවත් සහභාගී වුයේ නැත. ඒ ඔහුට තමන් ඉද්දිරිපත් කරන ප්‍රතිපත්ති ගැන කිසි අවබෝධයක් නොතිබූ නිසාය. ඔහු බලයට ගෙනාවේ ඔහු වටේ සිට මිනිස්සුන්ය. ඔහුගේ ප්‍රතිපත්ති හැදුවේද වටේ සිටි මිනිස්සුන්ය. වටේ සිටින පිරිස එපා නම් ඔහුට තනිවම වෙනම ගොස් ඡන්දය ඉල්ලන්නට තිබුණි. ඔහුට රටේ ප්‍රශ්න ගැන ස්වයං අවබෝධයක් නැති බව මුළු ඡන්දය පුරාම පෙනුණු දෙයකි. ඔහු, යහපාලනය වෙනුවට තිබුණු එකම විකල්ය මිස 71 අවුරූදු පැලැස්තර දේශපාලනයට විකල්පය නොවේ. අනුන්ගේ උපදෙස් මත සියල්ල කරන්න නම් ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැත.

:       128       353

ranaMonday, 25 November 2019 03:15 AM

ඔය පත්කර සිටින ලේකම්ලා, ඇමතිලාගෙන් නම් ඔය කියන දේ පේන්නේ නැහැ නේද? දැන් මොකෝ කපන්න බැරි ඇති ඉඹිනවද?

:       1       248

sanhitha subasinghe Sunday, 24 November 2019 05:52 PM

පන්සල් යනවා හැරෙන්න වෙනයමක් දන්නෙම නැද්ද? අයියා, මල්ලී උදේ ඉඳලම පන්සල් ගිය එක විතරයි කලේ, කෝ දෙවියෝ? මුළු රටම ණය කාරයින් බවට පත් වෙලා... ජනතාවගේ වැඩි දෙනෙක් මුස්ලිම් ජනතාවට දෙහි කප කපා, කුහකකමෙන් පෙලෙන ජාතියක් බවට පත්වෙලා...

:       521       708

gonawal sunilMonday, 25 November 2019 12:59 AM

ඔයත් පන්සල් යන්නකෝ බොරුවට මුස්ලිම් බයක් පෙන්නලා ක්‍රෝධ සහගත අදහස් දාන්නේ... මෙතන කොහෙද මුස්ලිම්වරුන්ට බැනලා තියෙන්නේ. ටිකක් පන්සලකට ගොස් මෙත් සිත පුරුදු කරන්න.

:       262       51

NishanMonday, 25 November 2019 02:02 AM

හැම ආණ්ඩුවකම ඉන්න ග්‍රේරෝ මහත්තයා නේද අර ලඟින් ඉදන් බණ අහන්නේ?

:       0       129

Chathuri Sunday, 24 November 2019 07:03 PM

ඔබ ජනාධිපතිකමට දිව්රුම් දුන්නේ අනුරාධපුරයේ නායක ස්වාමීන්වහන්සේලා ඉදිරියේ... ඊට පසු, නුවර මාලිගාවත් වැඳගත්තා. ඒ ඇති, හාමුදුරුවරු පක්ෂ බෙදාගෙන වැඩකරනවා. ශාසනය අගෞරවයට පත්කරන්නේ, මෙවැනි වැඳුම් පිදුම් නිසයි. ප්‍රධාන වන්නේ පන්සලයි. දේශපාලකයින්ට, පන්සල් ගානේ යන එක නතර කරන්න. පොඩි පන්සල් වඳින්න ඕනෑ නම් අැයි, මැදවච්චිය, අම්පාර අනිකුත් දුෂ්කර පළාත්වල තිබෙන පන්සල් වලට නොයන්නේ? ඇත්තටම ඒ පන්සල්වල බුදුහිමියන් වැඩ සිටිනවා. මොකද ඒ හාමුදුරුවෝ දේශපාලනය කරන්නේ නැහැ. ගමේ සියලුම දෙනා සමග සමගියෙන් ඉඳගෙන, පොඩිසාමණේර වරුන් ආදරෙන් රැකබලා ගන්නවා. දේශපාලකයින් සැලකුම් ලබාදෙන්නේ නමගිය ප්‍රසිද්ධ පන්සල්වලට පමණයි. මේ හාමුදුරුවරුත් දුප්පත් පන්සල්වලට උදව් කරන්නේ නැහැ. ගමට සේවයක් කරන්නෙත් නැහැ. දේශපාලකයින් සමග ගජරාමෙට වැඩ.. මේ දේවල් නතර කරන්න ලොකු හාමුදුරුවන්ට උපදෙස් දෙන්න. මුදලින් අාධාර ලොකු හාමුදුරුවන්ට පමණක් දෙන්න. ඒ මුදල් අවශ්‍ය පන්සල් වලට පමණක් දෙන්න කියලා.... මේ රට යහමගට ගන්න නම්... මේ හාමුදුරු ගොල්ලන්ගෙන් අයින් වෙන්න. ලොකු හාමුදුරුවන්ගේ පන්සල වැන්දම ඇති, ලබන සතියේ සිට කොළඹ අවට පන්සල් ටික විවෘත කරලාම අවුරුදු හතර ගෙවිලා යයි. මෙයින් මිදෙන්න.. භක්තිය හිත ඇතුලේ තිබුණාම ඇති...

:       1       591

චින්තක Sunday, 24 November 2019 08:02 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැන්ගි හොරා වැඩ නැත. කියනදේ සියල්ල මාධ්‍ය ඉදිරියේ විවෘතව ලබා දෙන නිසා රටේ ජනතවට සත්‍ය දැනගැනීමට හැකියාවක් තිබේ. පෙර සිටි දේශපාලකයන් මෙසේ ක්‍රියා නොකළේය. කිව්වේ එක දෙයකි කලේ තව දෙයකි. රටේ ඇති බහුතර ජනතව ඔහුව පත්කර ඇත්තේ වෙනසක් බලාපොරොත්තුවෙනි.

:       209       17

isurandi Monday, 25 November 2019 05:02 AM

දැන් ඉතින් ඔය ආශිර්වාද ගත්තා මදැයි. ඔබතුමාගේ වැඩ පටන් ගන්න. නැත්තම් අවුරුදු 5ක් නෙමෙයි 10ක් රට පාලනය කළත් මේක සුද්ධ කරන්න කාලය මදිවෙයි.

:       2       5

padmini Monday, 25 November 2019 11:07 AM

කියන්න ඕන ටික චතුරි කියල තියෙනවා කඳුළු සැලෙන්නම.................

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1194 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site