( රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී ආබාධිත තත්වයට පත්වු රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය නාගදීප පුරාණ රජමහා විහාරයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු පා ගමනක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුවේ සේවය කරනු ලැබූ සාමාන්‍ය සෙබළ 02494 පියතිස්ස හා නාවික හමුදාවේ සේවය කරන ලද ප්‍රධාන සුලු නිලධාරී 13837 කුමාර යන ආබාධිත රණවිරුවන් දෙදෙනා මෙසේ පා ගමන ආරම්භ කොට ඇත.
දැනට රෝහල්හි , අභිමන්සල හා නිවෙස්හි දිවි ගෙවන ආබාධිත රණවිරුවන්ගේ මානසිකත්වය වර්ධනය කොට ඉහල චිත්ත ධෛර්යක් ඇතිකරලීම මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය හා අධිෂ්ඨාන ශක්තිය ජනතාවට ආදර්ශයක් කරලීම වෙනුවෙන් මෙම ආබාධිත රණවිරුවන්ගේ පාගමනේ ප්‍රධාන අරමුණ වන අතර යාපනයේ සිට කතරගම කිරිවෙහෙර දක්වාම පාගමනින් ගොස් ආගමික වතාවන් සිදු කිරීමට පියවර ගෙන ඇත.
යාපනය නාගදීප විහාරයේදී ආරම්භ වූ මෙම පගමනේ ආරම්භක අවස්ථාව ආගමික වතාවත් සිදු කිරීමේ කටයුතු සිදු කර අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා උපදෙස් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්තාපන අධ්‍යක්ෂක බ්‍රිෙග්‍ර්ඩියර් උපුල් වීරකෝන් 52 වන සේනංකාධිපති වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආබාධිත රණවිරුවෝ දෙදෙනෙක් පා ගමනක
Athula Tuesday, 26 November 2019 03:11 PM
හරිම කණගාටුයි