IMG-LOGO

ජේආර්ගේ 23 වැනි ගුණ සැමරේ

 

    

මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 23 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය මගින් සංවිධානය කළ දානමය පිංකමක් එම කේන්ද්‍රය පරිශ්‍රයේ දී අද (29) පැවැත්විණි.

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත එලීනා ජයවර්ධන සහ පුතණුවන් වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රවී ජයවර්ධන යන මහත්මීන් ද මෙහිදී සිහිපත් කෙරිණි.

තිඹිරිගස්යාය අශෝකාරාමයේ විහාරාධිකාරී ඇහැළියගොඩ ධම්මසිද්ධී ස්වාමීන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් දානමය පිංකම පැවැත්විණි.

මේ අවස්ථාවට කථානායක  කරු ජයසුරිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක , ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන , ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

                     

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (4)

ජේආර්ගේ 23 වැනි ගුණ සැමරේ

kumarage Saturday, 30 November 2019 04:19 AM

අපේ නායකයින්ට බණ අහද්දී ඇයි බැරි බිම වාඩිවෙන්න ..?

:       5       46

sandySaturday, 30 November 2019 08:28 AM

ඒ අයත් පුළුවන් හැමවිට අපට බණ කියන නිසා නොවේද?

:       1       27

Mahee Sunday, 01 December 2019 02:33 AM

මට මතක්වෙන්නෙම ඡන්දෙන් පැරදුණු හෙන්චයියලා පස්ස දොරෙන් ගන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවත් රවට්ටලා හදපු සටකපට ව්‍යවස්ථාව ගැනයි. ඒ කාලේ හිටපු නඩුකාරයෝ ඒක අනුමත කළා විතරක් නෙමෙයි පසුව ඒ ව්‍යවස්ථාව අභියෝගයට ලක්වුණු වෙලාවේ හිටපු නඩුකාරයෝ ඒ අභියාචනය අහන්නවත් බය වුණා. තමන්ගේ පුර්වගාමීන් කරපු වැරැද්ද එළිවෙනවට බය වුණා. මේක බහුබූත ව්‍යවස්ථාවක් කියලා කියපු උදවියත් කලේ ඒකෙම එල්ලිලා බලය රැකගන්න හදපු එක විතරයි. ඒ අනුව, තමන්ගේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදපු ජේ.ආර්. ව සමරන්නම ඕන තමයි. 'රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි".

:       1       38

sharm warn Tuesday, 03 December 2019 11:49 AM

එයා මහා ඉහලින් විවෘත කරපු ආර්ථිකේ තමයි අද වලපල්ලට ගිහින් තියෙන්නේ රටත් එක්කම

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 269 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site