බදුල්ලේ ගමකින් ආසාදිතයන් 20ක් බදුල්ල උඩවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20 දෙනකුට හා එම ප්‍රෙදේශයේ ජල ව්‍යාපෘතියක වැඩකරන සේවකයන් 04 දෙනකුට කොවිඩ් 19 අසාධනය වී ඇතැයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පැවසීය . 18 July 2021
මැදිරිගිරිය ඇඟලුම් හලෙන් කොරෝනා 124 මැදිරිගිරිය ඇගලුම් කම්හලේ මේවන විට රෝගීන් 124 හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 18 July 2021
පස්සර බ්‍රානිවත්තේ ආසාදිතයින් 41ක් පස්සර පාලාගොල්ල ග්‍රාම සේවා වසමේ බ්‍රානිවත්තේ කෝවිඩ් 19 ආසාදිතයින් 41ක් හමුවීමත් සමඟ පවුල් 92ක සාමාජිකයින් 350ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව සෞඛ්‍ය අංශ පවසයි . 18 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 July 2021
කොවිඩ් මරණ තවත් 31ක් කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 July 2021
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 16,207ක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 17 July 2021
කටානෙන් තවත් අසාදිතයින් 37 ක් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් බම්බුකුලිය හා තිඹිරිගස්කටුව ගම්මාන දෙකෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් 37 ක් දෙනෙකු හමු වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය. 17 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද ( 17 ) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 56 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත. 17 July 2021
මැති ඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් 19දා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත . 17 July 2021
කොළඹ ඩෙල්ටා රෝගීන්ගේ වාර්තාව එළියට ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී වාර්තා වූ ඩෙල්ටා රෝගීන් අතර එකොළොස් දෙනෙකු කොළඹ නගර සීමාවේ අය බවට තහවුරු වුණු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහතා පවසයි . 17 July 2021
වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය . 17 July 2021
කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 41දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 July 2021
කොරෝනා ආසාදිතයන් 1079ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,079 දෙනෙක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 July 2021
බමුණාකොටුවෙන් ආසාදිතයන් 36ක් බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේනෙගෙදර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 16 July 2021
අනුරාධපුර ඇඟලුම් ශාලා දෙකකින් කොරෝනා රෝගීන් 52ක් කැබිතිගොල්ලෑවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් පනස් දෙදෙනකු අද දින වාර්තාවි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි. 16 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,447ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 967ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 967 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2021
කොවිඩ් මරණ 50ක් කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 July 2021
සැර ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 15 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 15 July 2021
නිරෝධායන නීති කැඩූ තවත් 190ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 190 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 July 2021
කොරෝනා ආසාදිතයන් 988ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 988 දෙනෙක් අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 July 2021
කිරිඳිවැල සතොසේ දෙකකට කොරෝනා කිරිඳිවැල සතොස වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදනයවීමෙන් එම වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (14) උදෑසන වනවිට පැය 24 ක කාලය තුළ 51 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 14 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 882ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 882 දෙනෙක් අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 July 2021
කොවිඩ් මරණ තව 41ක් කොවිඩ් ආසාදිතවූ තවත් 41 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,574 ක් දක්වා ඉහළ ගොස් ඇත. 13 July 2021
හුදකලා කළ ගෝලින්දාවත්තෙන් තවත් ආසාදිතයන් 43ක් දැනට සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03 වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ 120 කින් අසාදිතයන් 43 දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද 13දා පවසයි. 13 July 2021
බලන්ගොඩ රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක් පැන යයි බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද(13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 July 2021
අයගම මඩබද්දරින් සති දෙකට ආසාදිතයන් 155ක් දින දාහතරක් ඇතුළත අයගම ගලතුර වත්තේ මඩබද්දර කොටසෙන් කොරෝනා ආසාදිතයන් 155 දෙනකු හඳුනාගෙන ඇතැයි පළාත් සෞඛ්‍ය බළධාරීහු කියති. 13 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1488ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 568 දෙනෙක් අද (12) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 12 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026