(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ  වෛද්‍ය ශිෂ්‍යයාගේ  ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය .

ඒ ආශ්‍රිතයන්ගෙන්  ජෛව පටල සාම්පල ලබාගෙන ඇති බවත් සාම්පලවල කොරෝනා  ඇතැයි තහවුරු වුවහොත්  ඒවා ජාන විශ්ලේෂණය සඳහාද  යොමු කරන බවත්  හෙතෙම සඳහන් කළේය .

කෙසේ වෙතත් මෙම ශිෂ්‍යයා  පසුගිය කාලයේදී අදාළ විශ්ව විද්‍යාලයට පැමිණ නැතැයි පැවසූ  බටුවන්තුඩාව මහතා මේ තත්වය නිසා  වයිරසය විශ්වවිද්‍යාලයට  පැතිරීමේ  අවදානමක් නැතැයිද   ප්‍රකාශ කළේය .

මේ අතර  සොයාගත් ඩෙල්ටා  රෝගීන් අතර  එක්  නාවික හමුදා සාමාජිකයෙකු  සිටින නමුත් නාවික හමුදාවේ තව රෝගීන් සිටීමට ඇති ඉඩකඩ අඩු යැයිද  ඔහු පැවසුවේය .