(ප්‍රසාද් රුක්මල් )
පස්සර පාලාගොල්ල ග්‍රාම සේවා වසමේ බ්‍රානිවත්තේ කෝවිඩ් 19 ආසාදිතයින් 41ක් හමුවීමත් සමඟ පවුල් 92ක සාමාජිකයින් 350ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව සෞඛ්‍ය අංශ පවසයි .
කෝවිඩ් ආසාදිත පිරිස අතර කුඩා දරුවන් ,කාන්තාවන් ,පිරිමින් සිටින බවත් ,ඔවුන් බදුල්ල ,බිදුණුවැව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබෙන බවද සෞඛ්‍ය බළධාරීන් පැවසූහ .
දැනට පස්සර බ්‍රානිවත්තේ නිවාස 81ක පවුල් 92ක් මෙසේ සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කර සිටින බවත් , අද (18) දින ඔවුන්ගෙන් 108 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කල බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය .
සෙසු පිරිසගේ පීසීආර් පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරන බවත් , මීට පෙර සිදු කළ පීසීආර් පරීක්ෂණ 73කින් පසුව මෙම කෝවිඩ් 19 ආසාදිතයන් 41 දෙනා හදුනාගත් බවද සෞඛ්‍ය බළධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියහ .
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2275
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පස්සර බ්‍රානිවත්තේ ආසාදිතයින් 41ක්