( ආනන්ද ඉ ජයකොඩි)

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් බම්බුකුලිය හා තිඹිරිගස්කටුව ගම්මාන දෙකෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් 37 ක් දෙනෙකු හමු වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

බම්බුකුලිය ගම්මානයේ අනූ දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කිරීමේදී එයින් වෛරසය ආසාදිතයින් විසි හය දෙනෙක් හා තිඹිරිගස්කටුව ගම්මානයේ හැට හත් දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කිරීමේදී එයින් වෛරසය ආසාදිතයින් එකොළොස් දෙනෙකුද එසේ හමු වූ බව එම ප්‍රකාශකයා කීය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කළ එම පිරිස පී සී ආර් පරීක්ෂණයකට භාජනය කළානම් ආසාධිතයන් ප්‍රමාණය වැඩි විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.