ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ගාල්ල දිසාවේ පළාත් පාලන ආයතන විස්සක් වෙත රුපියල් එක් කෝටි විසි හත් ලක්ෂක මුදලක් ලබාදී ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 01 April 2020
දිස්ත්‍රික්ක 6 පැනවූ ඇදිරිනීතිය දිගටම කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ. 01 April 2020
නිකවැරටිය-කොටවෙහර ජනතාවට වියළි සළාක රට තුළ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින නිකවැරටිය සහ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල අසරණ පවුල් සඳහා වියලි ආහාර ප්‍රධානය කිරීමවරයා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් වරයා විසින් අද(01) සිදු කෙරිණි . 01 April 2020
උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක් ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත් මාස හයක කාලයක් සදහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් ඉල්ලීමක් කර ඇත. 01 April 2020
තඹුත්තේගම ආර්ථක මධ්‍යස්ථානය වසා දැමීමට සිදු වූ බව වෙළඳ සංගම් සභාපති කියයි එළවළු බෙදාහැරීමට අදාළ වාහන අවසරපත් ලබාගැනීමේදි බලපා ඇති අවහිරතාවය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදැමීමට සිදුවන බව එම මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි. 01 April 2020
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක් කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල ජනතාව නගරයන්ට පැමිණිමේ අඩුවක් දකින්නට ලැබිණි. 01 April 2020
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට යති යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ සිටි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (1) නිවෙස් බලා පිටත් වූ බව දිය තලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 April 2020
ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට ගත වූ පැය 24 තුල දී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1093 අත්අඩංගුවට ගෙන වාහන 310 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 01 April 2020
කොරෝනා යැයි සැක කාන්තාවක් බදුල්ල මහ රෝහලට දියතලාව යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවක් කොරෝනා යැයි සැක සහිතව බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (1) එවා තිබේ. 01 April 2020
පුත්තලමේ කොරෝනා ආසාදිතයින් අයි ඩී එච් රෝහලට පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු අයි ඩී එඩ් රෝහලට යුද හමුදා ආරක්ෂාව යටතේ යැවු බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසිය . 01 April 2020
සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් තායිලන්තයේ අලි සාගින්නේ කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සංරක්ෂකයෝ පවසති. 01 April 2020
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි. 31 March 2020
ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ ස්ථානයක් අද (31)සවස වටලා එහි සිටි කාන්තාවක ඇතුළු 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පියවර ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 31 March 2020
මාරාව තැපැල්පතිනියට-බාල පුතුට කොරෝනා බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 31 March 2020
ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි. 31 March 2020
ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා තිබු ඇදිරිනීතිය උල්ලඝනය කළ 7619 දෙනෙක් අද (31) දහවල් වනවිට දිවයින පුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 March 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක ඉක්මවා ගොස් ඇත. 31 March 2020
එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවෙති කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය. 31 March 2020
පුත්තලම කඩුමයන්කුලමට එන සියලුම මාර්ග වහයි පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයට පිවිසෙන සියලුම් පිවිසුම් මාර්ග වසා දමා කිසිවකුටත් ගම්මානයට ඇතුල්විමත් පිටතවිමත් සම්පුර්ණයෙන් තහනම් කල බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 31 March 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 31 March 2020
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලක් තාවකාලිකව වහයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැළක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය. 31 March 2020
ඇඳිරිය තිබුණත් නඩු කටයුතුවලට යන්න නීතිඥවරුන්ට බාධාවක් නැහැ අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඇදිරි නීතිය පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන් කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. 31 March 2020
තිරිඟු පිටි ප්‍රවාහනයට දුම්රිය සේවාවක් තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සේනවිරත්න මහතා පැවසීය. 31 March 2020
ස්වයං නිරෝධායන නීති කඩ කළ අයෙක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝණය කරන ලද පුද්ගලයෙකු බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (31) නියෝග කළාය. 31 March 2020
කොළඹ ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක 16 ක් කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වන සියළුම මාර්ග ආවරණය වන පරිදි අද (31) දින සිට පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක 16ක් ස්ථාපිත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 March 2020
අකුරණ අසාදිතයාගේ පවුලේ තිදෙනාට කොරෝනා කොරෝනා 19වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් තිදෙනාටද කොරෝනා ආසාදනය වි ඇති බව අද (31) දිනයේදි තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාපවසයි. 31 March 2020
කොරෝනා යැයි සැක දියතලාව රෝහලේ කනිෂ්ඨ සේවකයෙක් බදුල්ල රෝහලට දියතලාව මූලික රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයෙකු කොරෝනා රෝග ලක්ෂණ යැයි සැකපිට බදුල්ල මහ මහ රෝහලට මාරු කර යැවූ බව දියතලාව මූලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 31 March 2020
හැටන් දික්ඔය පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ (31) දින සිට දින 14 ක ස්වයං නිරෝධානයකට යොමු කළ බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය. 31 March 2020
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි කොරෝනා වයිරසය ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 8,000 ඉක්මවා ගොස් ඇතැයි එරට රජය කියයි. 31 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026