(සමන් පාලිත නානායක්කාර )
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ සිටි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (1) නිවෙස් බලා පිටත් වූ බව දිය තලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.
යුද හමුදා විශේෂ විශේෂ බස් රථයකින් මෙම පිරිස කොළඹ ප්‍රදේශයට රැගෙන ආ බවත් පිරිමි පුද්ගලයින් හය දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු මේ අතර සිටි බවත් යුද හමුදාව කියයි.
ඔවුහු ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වූහ.
මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් 60 දෙනෙකු හෙට දිනයේ දී නිවෙස් බලා පිටත් වීමට නියමිත බව ද යුද හමුදාව පවසයි .
යුද හමුදා අධික්ෂණය යටතේ මධ්‍යස්ථාන හතරක පුද්ගලයින් 388 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සාර්ථකව අවසන් කර ඇති බව යුද හමුදාව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට යති