IMG-LOGO

හැටන් දික්ඔය පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

( හැටන් රංජිත්  රාජපක්ෂ)
 
හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ  වතු කම්කරු පවුල් 200 ක් පමණ  (31) දින සිට දින 14 ක ස්වයං නිරෝධානයකට  යොමු කළ බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.
 
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු විමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
 
එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි  වී ඇත.
 
එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කළ බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.



අදහස් (0)

හැටන් දික්ඔය පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site