IMG-LOGO

කොළඹ ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක 16 ක්

ඉන්දිකා රාමනායක

කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වන  සියළුම මාර්ග ආවරණය වන පරිදි අද  (31)  දින සිට පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක 16ක් ස්ථාපිත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති නගර සහ ගම්මානවල පදිංචි පුද්ගලයින් කොළඹ නගරයට ඇතුල්වීම වැළැක්වීම මෙහි මුලික අරමුණ බව නියෝජ්‍ය  පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

තවද කොළඹ නගරයේ  කටයුතු වලට බාධා වන අයුරින්  කොළඹ නගරයට ඇතුල්වන පුද්ගලයින් පරික්ෂාවට,  ඇදිරීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, වාහන පරික්ෂාව ඇතුලූ කටයුතු ද මෙම  මාර්ග බාධක  හරහා  සිදුකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.



අදහස් (0)

කොළඹ ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක 16 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site