IMG-LOGO

ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක ඉක්මවා ගොස් ඇත.

ගෝලීය වසංගතයක් බවට තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර වෛද්‍ය සැපයුම්වලට දැඩි හිඟයකට ද මුහුණ පා ඇත.

රෝහල්වල ඇඳන්, ස්වසන සංවාතන යන්ත්‍ර හෙවත් වෙන්ටිලේටර්ස්, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ මෙවලම් ආදී වෛද්‍ය සැපයුම්වල හිඟයක් මතුව ඇත. මේ හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට එරට නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් ද පැමිණියේ නගර වැසියන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරමිනි. එම රෝහල් නෞකාවට නිව්යෝක් නගර වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එයින් ද වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයට සහ නිව්යෝක් නගරයටයි. කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ ගණන 3,017ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සඳුඳා පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 540කි.

ඊයේ පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 164,719ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව පිළිගැනීම සඳහා නිව්යෝක් සහ නිව්ජර්සි හි ජනතාව හඩ්සන් ගංඟාව දෙපසට පැමිණ සිටියහ. කුඩා නෞකා සහ හෙලිකොප්ටර් යානා පිරිවරා ගනිමින් රෝහල් නෞකාව නිව්යෝක් වෙත පැමිණි අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝප්‍රකට ‘ලිබර්ටි’ ප්‍රතිමාව පසු කරද්දි නෞකාවට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති එහෙත් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සහ ආසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට මෙම නොකාව තුළදී ප්‍රතිකාර කෙරේ.

රොයිටර් 

055 



අදහස් (1)

ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි

jayath Wednesday, 01 April 2020 02:30 AM

මුලදී සමච්චල් කරා "මේ චීන වයිරසය " කියල දැන් ඉතින් හෙලිකොප්ටර් පිරිවරා ගෙන නැව් ගේනවා එත් රෝගය පාලනයක් නැහැ . පාලකයන්ගේ ඔලුව ඉදිමුනාම ඔහොම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site