(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු අයි ඩී එඩ් රෝහලට යුද හමුදා ආරක්ෂාව යටතේ යැවු බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසිය .
මෙම ආසාධිතයින් අතර පිරිමි 8 දෙනෙකුද කාන්තාවන් 2 කුද සිටින බව කියය.
මොවුන් 29 දින පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් වි සිටි පිරිසකි.
ඊයේ (31) රාත්‍රීයේදී මෙම පිරිස අයි ඩී එච් රෝහලට රැගෙනවිත් ඇත.
කෙසේ නමුත් අදාල පිරිස වෛද්‍ය පරික්ෂණ මගින් කොරෝනා ආසාධිතයින් ලෙස සනාත විමත් සමග ප්‍රථිකාර සදහා අයිඩීඑච් රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට යැවිමට කටයුතු කර තිබුණි.
අදාල ආසාධිතයින් 10 දෙනා 31 දින රාත්‍රි 11 ට පමණ යුධ හමුදා ආරක්ෂාව යටතේ යැවිමට කටයුතු කර තිබු අතර යුධ හමුදා බස්රථයේ රියදුරු හා යුධද සෙබළුන් කොරෝනා ආරක්ෂීත ඇදුමින් සැරසි ආරක්ෂීතව මෙම පිරිස රැගෙන යාම සිදුව තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමනුත් ආරක්ෂා වෙලා තම පවුලේ් අයත් සමාජයේ අයත් ආරක්ෂා කරගැනීමේ වගකීමක්. මේ වගකීම් පැහැර හරින්නේ මොන මානසිකත්වයකින්ද ?