IMG-LOGO

ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති

(ශාන්ත  ප්‍රදීප්  කුමාර කුලරත්න)

ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ ස්ථානයක් අද (31)සවස  වටලා එහි සිටි කාන්තාවක ඇතුළු 18 දෙනෙකු  අත් අඩංගුවට ගෙන අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පියවර ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

ඒ සමගම රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමින් යුත්  දුම්වැටි තොගයක් අලෙවි කළ බවට සැක කෙරෙන, දින රහිත බිල්පත් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ දී දුම්වැටි අලෙවි කරනා බවට කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත පොලීසිය හා එක්ව  මෙම වැටලීම සිදුකර තිබුණි.

මේ අතර ජනතාව එක්රැස් වීම වළක්වාලමින් රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කරමින්  නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් එහි එම ස්ථානයේ හිමිකරු ඇතුළු පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. මෙම පුද්ගලයින් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site