
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර, මෙම වර්ෂයේදී දෙපාර්ශ්වය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිතකිරීමේ 72 වන සංවත්සරය සමරනු ලබයි.
එම කාල සීමාව තුළ දේශපාලන, ආර්ථික, සමාජ - සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික හා පුද්ගල සබඳතා මඟින් ශක්තිමත් වූ දෙරට අතර සබඳතාව, සක්‍රීය හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇත. දේශපාලන, ආර්ථීක, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට මේ වන විට යෝජනා වී තිබේ. ඒ අනුව, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd