
(අංජුල මහික වීරරත්න)
දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5)පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේවව්රත් සහ ගුජරාට් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති හර්ෂ් සංග්වි මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගත් බුදුන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොතිබිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකරදී තිබේ.
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අද (5) සිට පෙබරවාරි 11 වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර එම කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මේ සාකච්ඡා පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (4)ප්‍රථම මල් වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව සර්වඥ ධාතු වන්දනාව නිල වශයෙන් ආරම්භ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සර්වඥ ධාතු වන්දනාව සඳහා එක්වූවාය.
මෙම හමුවට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශයේ සම ලේකම් සමර් නන්දා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් අභිජිත් හෝල්ඩර් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd