ඉන්දු ලංකා සබඳතාවලදී අනලස්ව සහාය දක්වන කෙනකු ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති සලකන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් ඔහුගේ දැක්ම හා කැපවීම ඉන්දියාව බෙහෙවින්ම අගයන බවත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී පැවසීය.
ඉදිරිගමන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ , සංහිඳියාව හා ප්‍රගතියේ වෙනසක් පතා මේ වසරේ දෙවරක් ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට කැපවීම පිළිබඳ ඊට වඩා ශක්තිමත් ප්‍රකාශයක් තවත් නැහැ.
මේ ගමනේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඔවුන්ගේ නොසැලෙන සහාය දක්වනවා. ශ්‍රී ලංකාවේ නායකත්වය හා දේශපාලන සමගිය සමගිය සම්බන්ධයෙන් ඉතා කැපී පෙනෙන පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයේ ප්‍රඥාව හා ධෛර්යය මත ශ්‍රී ලංකාවේ සැබෑ සංහිඳියාවක් හා සංවර්ධනයක් ඇතිවී ඇතැයි මම අවංකවම විශ්වාස කරනවා. දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයනට සමානත්වතාවයෙන්, සාධාරණත්වයෙන්, සමගියෙන් හා ගෞරවයෙන් එක්සත්වූ ලංකාවක ජීවත්වීමේ අයිතිය එමගින් ලැබෙනවා.
අප දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා තව තවත් වැඩි දියුණු කරගත යුතුයි. වඩාත් විවෘත වූ තරගකාරී ඉන්දියා වෙළඳපොලෙන් අපේ වෙළඳ හා ආයෝජන අරමුණු ඉටුකරගන්නේ කෙසේදැයි අපි සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහභාගීවීමට කැමැති ඉන්දියා ආයෝජකයනට විශේෂයෙන් බලශක්ති හා ප්‍රවාහන අංශවල යටිතල පහසුකම් සලසා දීම ගැනත් මම ශ්‍රී ලංකාවේ සහාය පතනවා. අප දෙරටේ සියලු ජනකොටස්වලට මානුෂික හා ආර්ථික සබඳතා පූර්ණ ලෙස වර්ධනය කර ගැනීමේ ශක්තිය මම ශ්‍රී ලංකාවට ලබාදීමට කැමතියි.
සංවර්ධන සබඳතා, යටිතල පහසුකම්, දුම්රිය, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති, කෘෂිකර්මය, රැකියා ප්‍රවර්ධනය, විද්‍යා හා තාක්ෂණය, අභ්‍යවකාශ හා සිවිල් න්‍යෂ්ටික ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට දිගටම සහාය දීමට ඉන්දියාව කැමැති බව මම වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළා.
කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී යළි හමු නොවීම ගැනත් ඉන්දියා අගමැතිවරයා සංවේදී විය. දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් හැමවිටම සංවේදී වීමේ අවශ්‍යතාවයත් අපි පිළිගන්නවා. දෙරටේ ආරක්ෂාව හා ආරක්ෂක සහයෝගීතාවය ගැන අප ඇප කැපවී වැඩ කළ යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමට අපේ සහයෝගය වේගවත් කළ යුතුයි. ආරක්ෂාව හා අප අවට මුහුදේ ආරක්ෂාව ගැන නිරන්තර සෝදිසියෙන් සිටිය යුතුයි.
ආරක්ෂක පුහුණු වැඩපිළිවෙලේ අපේ ලොකුම සහායකයා ශ්‍රී ලංකාවයි. ඒ ඒ අංශයෙන් අපේ සහයෝගීතාවය විකාශනය කරන්නෙමු. දෙරට අතර ධීවර කර්මාන්තයේ යෙදෙන අයගේ ප්‍රශ්නය විසඳා ගැනීමට ධීවර සමිතිවලටම බාරදීමට අප එකඟවුණා. මෙය බඩවියත හා සම්බන්ධ මානුෂික ප්‍රශ්නයක් ලෙසයි අපි බැලිය යුත්තේ. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලෙස ඉන්දියා ධීවරයා දිරිමත් කර තිබෙනවා. දෙරටේ සාර්ථකත්වය, තිරසාර බව හා සංවර්ධනය සම්බන්ධයෙන් දෙරටටම සුවිසල් කාර්ය භාරයක් පවතිනවා. මේ සබඳතාවය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ හැම සාමාන්‍ය මිනිසකුගේම හදවතට දැනෙන ප්‍රශ්නයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඔබ ගිවිසුම ගැන නොදන්නා හැඩයි. 65% අයිතිය ලබාගන්න මහා ධනයක් වියදම්කොට ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම ශාඛා ඇරඹිය යුතු නැහැ. කෝටි 100 ජනගහණයක් ඉන්න රටක ව්‍යාපාරයක් පටන්ගත්තොත් එතැන ලොකු වෙළඳපොළක් තිබෙනවා. ඉන්දියානු සමාගම් අපේ රටට ආවත් ඔවුන්ට විවෘත වෙන්නේ කෝටි 2 ක වෙළඳපොළක්. (නි)
අනේ ඇයි මොන කරුණාවක් පහළවෙලාද අපේ රටට ආධාර කරන්න හදන්නේ? ලෝකයේ අනෙක් රටවල් නම් කුමන රටක හරි භූමිකම්පාවක්, ගංවතුරක් සුළි සුළඟක් ඇතිවූ විට ආධාර හෝ සහනාධාර දෙනවා. ඉන්දියාව හිතනවද දන්නේ නැහැ අපේ රට ස්වාභාවික විපතකට පත්වෙලා කියලා. ඉන්දියාවේ තිබෙන ප්‍රශ්න කොහොමද කියලා බලන්න පුළුවන් ඉන්දියාවට වන්දනාවේ ගියාම. ඇත්තෙන්ම අපේ රටේ එවැනි තත්වයක් තව වසර 50 ක් ගියත් එන එකක් නැහැ. ඇතැම් පළාත්වල තිබෙන අපිරිසිදුකම කියලා වැඩක් නැහැ. එවැනි තත්වයක් අපේ රටේ අන්තිම අපිරිසිදු පළාතකවත් නැහැ. (නි)
රූපසිංහ වන්දනාවේ ගිය කෙනෙක් කියලා මම හිතුවා. දඹදිව නටඹුන් ඇති බිහාර් වැනි ප්‍රාන්ත වලට වන්දනාවේ ගිහින් දුටු ඒවායින් පමණක් ඉන්දියාව මනින්න බැහැ. ඉන්දියාව කියන්නේ ලෝකයේ 10 වැනියට විශාලතම ආර්ථිකය ඇති රට බවත්, ලෝකයේ ප්‍රධාන සමාගම් සියල්ලකම වගේ ශාඛා මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද් වැනි නගරවල ඇති බවත් ඉන්දියාවේ සමහර රාජ්‍ය විශ්ව විද්‍යාල පර්යේෂණ අතින් ආසියාවෙන් දෙවැනි වන්නේ ජපානයට පමණක් බවත් ඔබ දන්නවාද?මම ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යාලයේ වසර 4 අධ්‍යාපනය ලැබූවෙක් (නි)
මම දකින විදියට අපි ඉන්දියාව සමඟ ඉතා සමගිව අවබෝධයෙන් වැඩ කළයුතුයි. ඉන්දියාව කියන්නේ ලෝකේ ලොකු වෙළඳපොළක්. ඒ වගේම අධ්‍යාපනය හැදෑරීම,පරිගණක තාක්ෂණය,විශ්ව විද්‍යාල පර්යේෂණ, න්‍යෂ්ඨික බලශක්තිය,කෘෂිකර්මය, නාවික කටයුතු, ඉංග්‍රීසි හාෂා ගුරුවරුන් මෙරටට ගෙන්වාගන්න පුළුවන්. අපි බුද්ධිමත් වෙමු !!! (නි)
අහන්නත් සතුටුයි (නි)
මම නම් මොකවත් ලියන්නේ නැහැ . මේ මිනිසූ අපේ රටේ මිනිස්සුන්ට කියල එයාලගේ අවශ්‍ය වැඩටික වාසි සහගතව ඉටු කරගන්නයි දගලන්නේ. කෝටි 72000ක් වැය කරලා පුලුවන්නි .ඒ රටේ මහා මග ඉන්න මිනිසුන්ට නිවාසයක් සහ වැසිකිලියක් හදලා දෙන්න ...? අපේ සිංහලයට කඳ තිබුණට ඔලුව නැහැ. අපි හැමදාම දුක් විදිනවා මේ නරුම දේශපාලකයන්ගේ වැඩ නිසා...? (අ)
නුවන්,මට හිතාගන්න බැහැ ඕගොල්ලෝ වගේ හිතන මිනිස්සුත් ලංකාවේ ඉන්නවද කියලා.මෙතන ප්‍රශ්නය ලංකාවේ වෙළඳපොළ ඉන්දියාවට සාපේක්ෂව කෙතරම් කුඩාද යන්න කියන ගැටලුව නෙමෙයි.තම එදිනෙදා අවශ්‍යතාවයවත් සපුරාගැනීමට නොහැකි ඉතා අඩු ආදායම් සහිත මිලියන ගණනක ශ්‍රම බලකායක් ඇති ඉන්දියාව සඳහා අපේ රටේ ආර්ථිකයේ දොරවල් විවෘත කරනවා කියන්නේ සියදිවි හානිකර ගැනීමක්. අනිත් අතින් ඔය ගිවිසුම නිසා එක් ශ්‍රී ලාංකිකයකුටවත් රස්සාවක් ඉන්දියාව තුළ ලැබෙයි කියලා ඔබ හිතනවද?එහෙනම් ඔබ ඉන්දියානුවෝ කවුද කියලා දන්නේ නැහැ. (නි)
ඉන්දියාවෙන් සුදුසුකම්ලත් වෘත්තිකයින්ට පමණයි එන්න පුළුවන් කිවුවාට ඉන්දියාවේ සුදුසුකම් දීමේ ප්‍රමිතිකරණයක් නැහැ. එයාලාගේ සුදුසුකම්ලත් ඉංජිනේරුවෙකුට වැඩිය අපේ ඩිප්ලෝමාවක් ලැබූ කෙනෙකුට දැනුම තියෙනවා. ඉතින් ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආ ඉංජිනේරුවා යටතේ වැඩකරන්න ඊට වඩා වැඩි දැනුමක් තිබෙන ලංකාවේ උගත් ඩිප්ලෝමාධාරියාට සිද්ධවෙනවා (නි)
චාන්දනී, රටක විදේශ ප්‍රතිපත්තීන් කියන්නේ මොනවාද කියන එක ගැන ටිකක් සොයා බැලුවොත් මේ තත්වයට ඔබට පිළිතුරක් ලැබේවි. ගැටළුව,ඉන්දියානුවන් අනෙක් අසල්වැසියන් ගැන ආදරයෙන් බලන්නේ ඇයිද කියන එකයි. ඉන්දියාවේ ප්‍රශ්න එමටයි. එහෙවු එකේ අපේ ප්‍රශ්න විසඳන්නට එන්නේ ඇයිද කියන එකයි. ප්‍රවේශමෙන්. මුම්බායි වල ඉන්න පැල්පත්වාසීන් මම මගේ ඇස් දෙකින් දැක්කා. ඉන්දියාවේ වගේ ලංකාවේ පන්ති පරතරයක් තිබුනත් ලංකාවේ ඉන්දියාවේ තරම් කුල බේදයක් නැතිතරම්. (නි)
අද වනවිට ශ්‍රී ලංකා ඉන්දියා දෙරට වීසා ගුවන් තොටුපළේදීම ලැබෙන නිසා තත්වය තවත් බැරෑරුම්. (නි)
චන්න්දනී, ඔබ ඉන්දියාවේ උපාධිධාරිනියක් වීම ගැන ඔබ ආඩම්බර වෙනවා ඇති. එමනිසා එම රටට ඔබගේ ගෞරවයක් ඇතිවී ඇති.මාගේ දියණියද වසරක කාලයක් ඉන්දියාව නතරවී, ඇයගේ ගෘහ නිර්මාණ ශිල්පීනියක් වීමේ අවසන් වසරට කළේ සමස්ත ඉන්දියාවේම ඇති පැල්පත්වාසීන් ගැනයි. එමනිසයි මාගේ ඇස් දෙකින් දුටු දේවලුත් කිවුවේ. එසේම එහි ඇති රමණීය පෙදෙසුත් තිබෙනවා. මම අදත් එහි යන්නට ආශා කරමි. ඒ ඉන්දියානුවන්ගේ ජීවන රටාව ගැන ඇති දැක්ම නිසයි. (නි)
මොනාවුනත් කමක් නැහැ සීපා එක නම් අපිට පටවන්න එපා සර්. (ම)
බොහොම ස්තූතියි. ඔබතුමා අපිට දුන් සහයත් මතකයි (නි)
ඉන්දියාවත් සමඟ මේ හොඳ හිත වර්ධනය වුණ කාලයේම හැකි ඉක්මනින් 'සීපා' ගිවිසුමත් අත්සන් කළයුතුයි.සීපා ගිවිසුමෙන් රටට ඔය කියන විදිහේ අවැඩක් වෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ. මේකෙන් ලංකාවට ගෙන්නන්න පුලුවන් ඉන්දියාවේ සුදුසුකම්ලත් වෘත්තිකයින් පමණයි. අනෙක් අතට ලංකාවේ වෘත්තිකයින්ටත් ඉන්දියාවේ රැකියා කරන්න අවස්ථා ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සමාගම් (ෆෝචූන් 500) සියල්ලකගේම ශාඛා තිබෙන තැනක්. ඒවායේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ඇතිවෙනවා.කෝටි 100 ඉන්න ඉන්දියාවේ ලාංකික ව්‍යාපාරිකයින්ට 65% දක්වා අයිතිය ඇති ව්‍යාපාර අරඹන්න අවස්ථාව ලැබෙනවා කියන්නේම ලොකු දෙයක් (නි)
භූතානය වැනි රටවල් සමඟද ගිවිසුම් ගසා තිබෙනවා. ඒවායින් ඒ කුඩා රටවලට ආර්ථික වාසි අත්ව තිබෙනවා. උදාහරණයකට නවදිල්ලියේ හා පන්ජාබ් ප්‍රාන්තයේ චීන අවන්හල් බොහොමයක අයිතිකරුවන් නේපාල ජාතිකයින්. ඇයි ශ්‍රී ලාංකිකයින්ට මේ ගිවිසුමෙන් පස්සේ චෙන්නායි, බැන්ගලෝර් වගේ දකුණු ඉන්දියානු නගරවල ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව ලැබෙනවා කියලා හිතන්න බැරි? (නි)
මුහුදේ ආරක්ෂාව එයාලා බලාගන්නවලු. අනේ අපිට වෙච්ච දේ? (නි)
නාමල්, හොඳින් මතක තියාගන්න. අපිට 65% දක්වා කොටස් තිබෙන සමාගම් අරින්න ඉඩ ලැබෙනවා වගේම ඒ රටේ සමාගම් වලටත් ලංකාවේ 65% දක්වා කොටස් ඇති සමාගම් අරින්නට ලැබෙනවා. කෝටි 100ක් ඉන්න ඉන්දියාවට ඇතිවෙන්න 65% කොටස් සඳහා මුදල් යොදවන්න පුළුවන් සමාගම් ලංකාවේ තියෙන්නේ අතේ ඇඟිලි තරමට. නමුත් ලංකාවේ තිබෙන සෑම නිෂ්පාදනයක්ම 65% කොටස් යොදවා ආරම්භ කරන්න පුළුවන් සමාගම් සියදහස් ගණනක් ඉන්දියාවේ තිබෙනවා. එයාලා රට ඇතුළට ආ දවසට තමයි ඔය සිහින දකින කට්ටියට තරු පෙනෙන්නේ. (නි)
චාන්දනී, බැංගලෝර් ගියාට නොදන්නා දේ තමයි ඒ ඉන්දියානු සමාගම් ලංකාවටත් එක්ක විදේශික නිෂ්පාදන වල වෙළඳ අයිතිය ගෙන තිබෙනවා කියන එක. එමඟින් ඔවුන් ආර්ථික සහ වෙළඳ කටයුතු වලින් ලංකාව ව්‍යංගයෙන් යටපත් කරගෙන අවසානයි. අපට බොහොමයක් භාණ්ඩ විදේශ වලින් ගෙන්වන්නට වෙලා තියෙන්නේ ඉන්දියානු සමාගම් හරහායි. එමඟින් ජාත්‍යන්තර වෙළඳපොළට යාමේදී අපි ඉබේම අවලංගු කාසියක් බවට පත්වෙලා. මේකට තිබෙන එක උපාය මාර්ගයක් තමයි එම භාණ්ඩ බොහොමයක් නිපදවන චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹෙන එක. නැතුව අපට අමුද්‍රව්‍ය සහ ප්‍රාථමික කාර්මික භාණ්ඩ ලබාගැනීමට ක්‍රමයක් නැහැ. (නි)
මොන සහය දුන්නත් සීපා එපා (නි)
අපි අවස්ථාවක් දීලා බලමු (නි)
ලලිත්, මොනවද කතා කරන්නේ? චීනය සමඟ ගිවිසුම් ගහන්න? චීනය කියන්නේ තමන්ගේ නිෂ්පාදන වැඩි මිලට බටහිරට විකුණලා අතිරික්තය ලංකාව වගේ රටවලට හලන රටක්. අපිට චීනයේ රස්සාවක් කරන්නවත් පුලුවන්ද? චාන්දනී කියන එක ඔබට තේරිලා නැහැ. එයා කියන්නේ මේ ගිවිසුම හරහා ලංකාවට ඉන්දියාවේ වැඩකරන ජාත්‍යන්තර සමාගම් වල රැකියා අවස්ථා ලැබෙනවා කියන එක. එතැන ඇත්තක් තිබෙනවා (නි)