තිස්වසරක  කුරිරු  යුද්දය පරාජයට  පත්කර අදට (18) වසර 17ක් සපිරේ.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් මරණයට පත්වීමත් සමග පැවති කුරිරු යුද්ධය නිමාවට පත් විය.

1975 වර්ෂයේ ජුලි 27 වැනි දා යාපනය එවකට නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව දෙකඩ පියවර ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපල, කොලොන්නාව තෙල් ගබඩාව, දළදා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රීමහා බෝධිය වැනි ආගමික ස්ථානවලට මෙන්ම ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් රට විශාල අර්බුදයකට ඇද දැමීමට කොටි ත්‍රස්තවාදීහු උත්සහ කළහ.

මවිල්ආරු සොරොව්ව වසා දැමීම නැගෙනහිර ගොවි ජනතාවගේ වගා භූමිවලට හා ජලය රැගෙන ආ ප්‍රධාන ජල මාර්ගය කටයුතු  කළහ. 

එම සිද්ධියත් සමග එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් විරෝධාර රණවිරුවන්  ආරම්භ කරනු ලැබීය.

යුද්ධයට අමතරව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානූෂිය මෙහෙයුම් ද ආරම්භ කරමින් රණවිරුවෝ ඉදිරියට ගමන් කළහ.

යුද හමුදාව සියලු අභියෝග ජයගනිමින් ත්‍රස්තවාදීන් විනාශ කරමින් නන්දිකඩාල් කලපුවේ දී 2009 මැයි 18 වනදා එල්.ටි.ටි.ඊ.නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් යුද විරුවන්  අතින් ජීවිතක්ෂයට පත්විය.

ඒ සමග වසර 30කට අධික කාලයක් පැවති  යුද්ධය නිමාවට පත් විය.