
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දහ හතර කෝටි පනස් හය ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(18 ) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඉන් එක් අයෙකු 23 හැවිරිදි වියේ පසුවන මත්පැන් හළක සේවකයෙකි . අනෙකා 30 හැවිරිදි වියේ පසුවන නාටාමි වරයෙකි .
ඔවුන් දෙදෙනා අද උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , ඔවුන්ගේ ඇදුම් අතර ඇසුරුම් 28 ක් ලෙස සකස් කර , සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 562 ක ප්‍රමාණයක් සඟවාගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd