
(එම්.සුසිල් පියන්ත)
‘අප්පමාදෝ අමත පදං,පමාදෝ මච්චුනෝ පදං ‘,පළාත් සභා මැතිවරණය තිබීම දැනටමත් ප්‍රමාද බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ධම්ම පදයේ එන ගාථාවක් උදාහරණයට ගනිමින් අද(18)ඒ මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ නිවසේ පැවති මාධය හමුවකදී කීවේය.
පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වනවා යයි ආණ්ඩුවෙන් දක්වන කොළ එළි සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ මාධය හමුව කැඳවා තිබුණි.
එහිදී ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීවේය.
පළාත් සභා මැතිවරණය තියන්න රජයට ඕනෑකමක් තිබුණානම් ගිය වසරේ ඒ කියන්නේ විස්සයි විසිපහේ ජනවාරි හෝ පෙබරවාරි වල තියන්න තිබුණා.ඒකට කරන්න තිබුණේ පාර්ලිමේන්තුවේ එක්කෝ පැරණි කමයට තියන්න පනත කර ගන්න ඕන.නැත්නම් පැරණි සීමා නීර්ණය සමාලෝචනය කිරීම සඳහා නැවත කමිටුවක් පත් කරලා එය කරන්න පුලුවන්.
ඉදිරියේදී පළාත් සභා චන්දය තියන්න පුලුවන් විදි තුනක් තියෙනවා.එක මනාප සහිත සමානුපාතික ඒ කියන්නේ පැරණි කමයට 1988 ඔර්ජිනල් පනත විදිහට යනවනම් ඒකට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා ඒක කරන්න පුලුවන්.ඒක ආණ්ඩුකම වයවස්ථාවට වැරදි නැහැ කියලා ගරු ශේෂ්ඨාධිකරණයෙන් තීන්දුවකුත් ලැබුණා.එවක හිටපු පාර්ලිමේන්ති මන්තී එම්.ඒ.සුමන්තිරන් මහතා දාපු යෝජනාවක් සාකච්චා කිරීමෙන් අනතුරුවයි මේ අවසරය ලැබුණේ.
අනෙක් කමය තමයි 2018 සීමා නීර්ණ කමිෂන් සභා කමිටු වාර්ථාව අරගෙන ඒක නැවත සමාලෝචනය කිරීම සඳහා පනත සංශෝදනය කරලා ඒක හරහා සමාලෝචනය කරලා ඒ තියෙන චන්ද කොට්ඨාසයට අදාලව චන්දය තියන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තව ශාපයක් ඕන එකටයි එපා එකටයි කියවනව, මෙයා එදා ද්විත්ව පුරවැසියක් වු ගෝ්තාබයට චන්දෙ ඉල්ලන්න දිල , මේ රටට මහ අපරාධයක් කලා
තමුන්ගේ සමහර කෙරුවාල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .සාටකයන්ගේ අවශ්‍යතා ඉටු කෙරුවේ නීතියට පිටින්?
ඔය මොන ක්‍රමයට තිබ්බත් ආණ්ඩුව පරදිනවා , එක නිසා පළාත්සභා තියන්නේ නැහැ