
ඉරානයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අදාළව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය.
එම හමුවට පෙන්ගටන් ප්‍රධානියා මෙන්ම ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් ද සහභාගී වනු ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය පැවැසීය.
ට්‍රම්ප්, ඉරානයට අනතුරු අගවා ඇත්තේ සටන් විරාමයකට යමින්, ඇමෙරිකාව සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගැනීමට තමන් ලබා දුන් කාල සීමාව ටිකෙන් ටික අවසන් වන බවය. ඊට පෙර, පැහැදිලි ස්ථාවර තීරණයක් ගන්නැයි ට්‍රම්ප් ඉරානයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd