(බුද්ධික කුමාරසිරි)
මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටියදී අල්ලා ගත් සුනඛයින් සහ බළලුන් 40 දෙනකු පමණ එම විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පණ පිටින් වළ දමා තිබීයදී සොයා ගැනිමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බළකායේ‘‘ සභාපති අමිල විජේරත්න මහතා පවසයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිටින සුනඛයින්ට සහ බළලුන්ට සිහිසුන් කෙරෙන එන්නත් විද රැගෙන යන බවට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි මත තම සංවිධානය සහ ‘‘රේ ඔෆ් හෝප් ’’සත්ත්ව සංවිධානය එක්ව සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සතුන් මරා දමා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකි වූ බවත් මරා දමා සිටි සතුන් කුණු වී දුගඳ හැමීම හේතුවෙන් එම සතුන් වළ දමා තිබූ ස්ථාන සොයා ගැනීමට හැකි වූ බවද එම සංවිධානය පවසයි.
එම භූමියට ගෙනවිත් දමා සිටි මිය නොගිහින් සිටි සුනඛයින් දෙනෛකු තම බාරයට ගෙන අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුකු කරමින් සිටින බවද ‘‘රේ ඔෆ් හෝප්’’ සංවිධානයේ සාමාජික ඉරාකි කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
මෙම සුනඛයින් කවුරුන් ගෙනාවාදැයි තමන් නොදන්නා බවත් එම භූමියේ තිබී බල්ලන් දෙදෙනෙකුගේ සහ පූසන් දස දෙනෙකුගේ සිරුරු හමු වූ බවත් ඉන් පසු දැඩි දුර්ගන්ධය නිසාවෙන් එම සිරුරු වල දැමීමට කටයුතු කළ බවත් විශ්ව විද්‍යාල භූමියේ ආරක්ෂකයෝ පැවසූහ.
මේ පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඇමතීමට කිහිපවරක් උත්සාහ කළද ඔහු රැස්වීමක සිටින බවට පණිවුඩයක් මගින් දැනුම් දුන් අතර දුරකථන ඇමතුමට සම්බන්ධ වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තිරිසන් වැඩ කරන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. විශ්ව විද්‍යාලයේ උප කුලපති දෙන්නේ නියම ආදර්ශයක්.
ඉතාම නින්දිතයි මේ ක්‍රියාව. අපරාධ නීතිය යටතට ගැනෙන මෙම ක්‍රියාවට සම්බන්ධ අපරාධකරුවන් අල්ලා දැඩි දඬුවම් දිය යුතුයි. අනෙක මෙවැනි සිදුවීම් සිදුවීමට පෙර ඒවා වැලක්වීමට පියවර ගත යුතුයි. මොකද සතුන් මැරුවාට පසුව මොනවා කලත් වැඩක් නැති නිසා. දිවයින පුරා දහම් පාසල් වල සිසු සිසුවියන්ගේ සහභාගිකත්වයෙන් කුඩා සංවිධාන සාදා තම ප්‍රදේශයේ මෙවැනි සිද්ධි සොයා බලා පොලීසියට දැනුම්දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව මගේ හැඟීමයි. පොලිස්පති චක්‍රලේක අංක 663/86 යටතේ සත්ව හිංසන පිළිබඳව ක්‍රියා කිරීමට පොලිස්පති තුමා සියළුම පොලිස්ථාන වලට උපදෙස් දී ඇති බැවින් මෙවැනි සිද්ධි පොලිසියට දැන්වීමෙන් සතුන්ට මහඟු සෙතක් කිරීමට ඔබට හැකියාව ඇත.
එදත් ඔහොම ... අදත් එහෙමද? සතුන්ට නිදහසක් නැහැ. දැන් අයියලාට බල්ලන්, පූසන් අල්ලන්නද තියෙන්නේ... වෙන වැඩ නැද්ද දන්නෑ නේ...?
ඔටාරා මහත්මිය.... මේ සත්වයන්ට කරුණාව ඇති ඔබේ හදවතට මොනතරම් වේදනාවක් ඇති වෙයිද?
වෙන කිසිම දියුණු රටවල්වල මෙහෙම බල්ලෝ, පූසෝ නැහැ පාරේ අයාලේ යන.
අයාලේ යන බල්ලන්, පූසන් හොයලා මරණ අයට පුළුවන් නම් දඬුවම් දෙන්න.
මේවගේ හොඳ වැඩ වලට විරුද්ධ වන අය ඉන්න කල් පරිසරය හොඳට තියාගන්න බැහැ.
මෙය බොහොම දුක්ඛිත සහ පහත් වැඩකි. මේ සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි.
අයාලේ යන බල්ලෙක් පුසෙක් හපා කෑවොත් විදින්න වෙන බෙහෙතක මිල රුපියල් 20000.00 ක් විතර වෙනවා. ඒවා පිටරටින්ම ගෙන්න ඕන. ඔය සත්ව අවිහිංසාවාදියෝ රටට දරන්න වෙන ඒ වියදම දෙන්නේ නැනේ. බල්ලෝ පුසෝ කියන්නේ වදවෙලා යන තර්ජනයකට මුණ දීල ඉන්න සත්තු වර්ගයක් නම් ප්‍රශ්නයක් තියෙනවා. එත් එහෙම නැනේ. ඒ වගේ වෙලාවට රටේ පොදු යහපත වෙනුවෙන් පව් සිද්ධ වෙන දේවලුත් කරන්න වෙනවා. අර කලින් අදහස් දක්වපු එක්කෙනෙක් දාලා තිබුන විදිහට අයාලේ යන බල්ලෝ පුසෝ මරණ එක දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් නෙවෙයි. දන්නේ නැති දේවල් ලියන්නේ නැතුව ඉන්න එක තමයි හොද. හැගීම්වලට වහල් වෙලා මෝඩ කතා පොදු මාධ්‍ය වල පල කරන්නේ නැතුව.
අහිංසක දරුවන් මහ මග වෙඩි කා මිය යනවා කිසිකෙනෙක් කතාවක් නැහැ. බල්ලන් ගැන සංහිදියාව ගැන නම් ලියනවා පිස්සු බල්ලන් කෑවොත් සංහිදියාව නැහැ මැරෙනවා
චන්දික පිළියන්දල වෙඩි තබා මරා දැමුණු දැරිය , එම බන්ධනාගාර නිලදාරීන් යාපනයේ වින්ද්‍යා දැරිය මේවටත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිද?
මෙතන මේ සත්ව කරුණාව තියෙන්නේ කන්න බැරි හින්දා මරණ එකනේ.... මාළු, හරක්, එළුවෝ, ඌරො, මුවෝ, කුකුල්ලු, මැරුවට කමක් නෑනේ නේද? ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ... රටේ ජනතාවට හානිවන ඕනෙම දෙයක් විනාශ කරන්න රජයට බලය තියෙනවා. ඒකට ඔය කියන සංවිධාන වැඩක් නෑ.
අයාලේ යන බල්ලන්ට මොකද කරන්නේ? පෙස්ට් කොන්ට්‍රෝල් එකෙන් ඇවිල්ල කෙමිකල් එකක් ගැහුවම වේයෝ කොටි ගණන් මැරෙන්නේ. ඒවත් පව් තමයි.
ඩෙංගු මදුරුවන් බෝවීම වැලක්වීමට දුම් ගසනවා. එ්කෙන් මදුරුවන් මැරෙනවා. මේක සත්ව හිංසනයක් වෙන්නේ නැත්තේ ඩෙංගු වසංගතයක් වෙලා නිසාද? ඔය සත්ව කරුණා මහත්වරුන් පිස්සු බලු රෝගය වසංගතයක් වෙනකම් ඉන්න. එතකොට අයාලේ යන බල්ලන් මරණ එක සත්ව හිංසනයට වැටෙන එකක් නැහැ. අනාගතයේ වෙන්න පුළුවන් අනතුරක් වැලක්වීමට පිළියම් යොදනවා නම් හොඳයි.
මොරටු සරසවියේ සුනඛ ඝාතනයක් සිදුනොවුණු බව උපකුලපතිතුමා කියා ඇත. මෙහිදී සිදුවී ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාලේ යන සුනඛයින් 10,15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්රයකට ගෙන ගොස් දැමීම සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මිය යාම පමණකැයිද ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකිරීමට නොපමාව කටයුතු කළ යුතු බවත්ද පැවැසීය. මීට වසර 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170ක් පමණ ප්‍රමාණයක් සිටි බවත් එමගින් පවිත්‍රතා ගැටළු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුව තිබූ බවය. මේ තත්ත්වය යටතේ විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මහත් පරිශ්‍රමයක් දරා තිබේ...