(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර හන්තාන දේශයේ පිහිටි සඳගිරි සෑය විහාරස්ථානයේ චෛත්‍ය ගර්භයට පිවිසෙන දොරගුළු තුනක් කඩා එහි තුළ ධාතු කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල 10ත් 12ත් අතර ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව එහි විහාරාධිපති හිමියන් විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
මහනුවර හන්තාන සඳගිරි සෑය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පුළුල් විමර්ශන ආරම්භ කොට තිබේ.
එහි ධාතු ගර්භය තුළ තැන්පත් කොට තිබූ රන් කරඬුවක් සහ සර්වඥ ධාතූන් වහන්සේලා සොරුන් විසින් රැගෙන ගොස් නොමැති බවද ධම්මාලෝක හිමියන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බුද්ධ සාසනේට තර්ජනයක්. පල්ලේගම සාදුල කොච්චර කැප වෙනවද මේ සාසනේ රැකගන්න.
ඇතුලේ කවුරුහරි ගෑවිලා ඉන්න ඕන.
ස්වාමීන් වහන්ස මින්පසු කවුලු නොතබා සම්පුර්ණයෙන්ම වසා තබන්න.මේ ශ්‍රී ලංකාව හොරුන්ගෙන් මත්කුඩ්ඩගෙන් පිරිලා ඉතිරිලා ගිහින්.ඵ් මදිවට ආගමක් දහමක් නොහඳුනන ආණ්ඩුවකුත් ඇවිත්.අබ සරණයි කිව්වලු රටට.
ඔව් ඉතින් “රුවන්වැලිසෑයේ රන්කොත” පවා ගලවාගෙන කාපු ජනාධිපතිවරු හිටපු රටක, මේවා එතරම් ලොකු දේවල් නෙවෙයි. හොරා කන්න ඉගෙනගත්ත හිටපු පාලකයෝනේ, තව මොන කතාද..?
අටමස්ථානෙ ලොක්ක අවුරුදු 15 වේ කෙල්ලෝ උස්සනවා හොරු පන්සලේ රත්තරන් උස්සනවා ඇත්තටම පන්සලකට රත්තරං ඕනෙද ? කෝ මේ සාසනේ බේරගන්න සිවුරු උස්සන් එන මයික් ටයිසන් ල
දැනට රටේ පවතින තත්ත්වය අනුව වඩාත්ම සැක කාවද කියල හිතන්න පුලුවන්ද?