
(අංජුල මහික වීරරත්න)
අතිශ්‍ය විෂ සහිත පළිබෝධ නාශක1990 සිට ක්‍රමයෙන් තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සියයට 70 කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම වැලැක්වීමේ උපාය මාර්ගයන්ට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු යැයි යෝජනා කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ පැතිකඩ සැසිවාරයට එක්වෙමිනි.
මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්ථානය යන රටවල් එක්ව සංවිධානය කළ අතර ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන සහ ජාත්‍යන්තර සියදිවිනසා ගැනීම් වැළැක්වීමේ සංගමයේ හවුල්කාරීත්වය ද හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1990 කරපු දේවල් කියන්නද ඔයාලව පත්කරේ?
ඉස්සර පොඩි දේටත් සිය දිවි නසා ගත්තා..දැන් පොන් phone හිංදා මැරෙනවාත් අඩුයි ඩිවොස් වෙනවාත් අඩුයි..හැමදෙම පොන් phoneඵකේ තියෙනවා නේ
මෙහෙම කිව්වට. ඉදිරියේදි නැවත පලමු ස්තානයට එනවා රට බන්කොලොත් කරපු බේබිලව කට උත්තර ගන්න කැදෙව්වම එ ගොල්ලන්ට සැර කරනවා. හරස් ප්ර්ශ්න අහනවා. බලකරනවා. කියලා ගෙදර ඇවිත් දිවි නහගන්නවා. තව ගොඩක් කට්ටිය. කට උත්තර දෙන්න පෝලිමේ ඉන්නවා. නාකිමයිනා මම හිතුවා එයත් ගිහින් ඇවිත් දිවි නසා ගනියි කියලා. ඔය ලස්සනට ඉන්නෙ. වටේ ඉන්න කාකො තමයි කියන්නෙ. මයිනට මොනවා හරි වුනොත් මේ රජය වග කියන්න ඕනලු. රටට ජනතාවට කරපු දේට කව්ද වගකියන්නෙ. එහෙම අය තමයි දැන් යන්න ඉන්නෙ