(ලක්මි කුඩලිගම)

මතුගම අගලවත්ත ප්‍රධාන මාර්ගයේ යටියන ආයතනයක් අසල කණුවක වැටි තිබි මියගිය පුද්ගලයකුගේ මෘත ශරිරයක් සොයාගෙන ඇතැයි මතුගම පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා ඉත්තපාන පොලිස් වසමේ, අන්නාසිගල හේන, මිරිස්වත්ත ,ඉත්තපාන ලිපිනයේ පදිංචි හේවගේ දොන් තුෂාන්ත ලක්මාල්  (42) බව හෙළිවි ඇතැයි පොලිසිය කියයි.

මතුගම පොලිසිය මගින් මෘත දේහය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා කලුතර මහ රෝහල වෙත යොමු කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.