(වසන්ත චන්ද්‍රපාල)
පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගිය සැකකරුවෙකුට වෙඩි තබා මෙල්ල කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අද (18) අලුයම රෝහල් ගත කළ බව අම්පාර පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කදවුරේ නිළදාරින් විසින් අම්පාර පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙර ගම්මානයේ නිති විරෝධි මත්පැන් වැටලිමක් කර පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සදහා අම්පාර මුලස්ථාන පොලිසියට භාරදි තිබේ.
පසුව අම්පාර මුලස්ථාන පොලිසියේ නිළධාරින් විසින් මෙම සැකකරු අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරිමට ගිය අවස්ථාවේදි ඔහු පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් තිබේ.
පසුව පොලිස් නිළධාරින්ද මෙම සැකකරු පසුපස හඹා ගොස් ඇති අතර අම්පාර රොහලේ අලුතින් ඉදිවන ගොඩැනැගිලක් මැදින් දිව ගොස් ඒ අසල ඇති වාහන අලුත්වැඩියා ආයතනයකට සැකකරු රිංගා තිබේ.
පසුව මෙම සැකකරු ඔහු පසුපස හඹාගෙන ගිය පොලිස් නිළධාරියෙක් සමගපොර බදා ඔහු අත තිබු ගිනි අවිය උදුරා ගැනිමට උත්සහ කිරිමේදී , පසුව ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු පොලිස් නිලධාරියා සැකකරු පලායෑම වැලක්විම සදහා පිස්තොලයෙන් වෙඩි තබා තිබේ.
සැකකරුගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදි ඇති අතර පසුව පොලිස් නිළධාරින් විසින් සැකකරු අල්ලා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇති අතර දැනට පොලිස් ආරක්ෂව මැද ප්‍රථිකාර ලබමින් සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd