පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වළේ) පැවැත්වීමට තිබූ නාට්‍ය උළෙල අවලංගු කළ බව එහි කලා මණ්ඩලය පවසයි.
ඉරිදා (9) සිට 15 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය සියල්ල ඒ අනුව අවලංගු කැරුණු අතර ඊට හේතු වූයේ ආරම්භක දර්ශනය වු මනමේ නාට්‍යයට එල්ලවු බිත්තර ප්‍රහාරයක් බව කියති.
උපකුලපතිවරයා හා සියලු පීඨාධිපති වරුන්ගෙන් සමන්විත අනුශාසක මණ්ඩලයේ තීරණයක් මත ඉදිරි නාට්‍යය දර්ශන සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවත් මෑත කාලයේ වළේ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවත් එම විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහැක මහතා පැවැසිය.
සිසුන් මේ පිළිබඳව කිසියම් එකඟතාවකට පැමිණ සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන තාක් කල් ඉදිරියට එළි මහන් රංග පීඨයේ කිසිදු කලා කටයුත්තක් සිදු නොකිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කැර ඇති බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුයි,අපේ කාලයේ වළ සතිය හරි සුන්දරයි. අපි රස වින්ද හොදට. (බ)
සර් අයිවර් ජෙනින්ස් පටන් ගත් මෙම විශ්ව විද්‍යාල තුල ක්‍රමයෙන් වර්දනය වූ වැඩවසම් සංස්කෘතියේ එක පිලිබිඹුවක් හැටියට මෙය දැකිය හැකිය. (බ)
රොක්සි, මනමේ නාට්‍යය අපිට කොහොමවත් එපාවෙලා නැහැ. දැනුත් විශ්ව විද්‍යාල සිසුන් එහි ගීත හා ඒවාට වෙනත් අරුත් දැමු ගීත සෑම අවස්ථාවකම ගයනවා. මනමේ නාට්‍යයට මුලදී කැමති නැති වූ එක ප්‍රධාන පෙළේ විචාරකයෙක් එකල නාට්‍යය බලා කීවේ එය ගීත නාට්‍යයක් නොවේ, සිංහල භාෂාවේ ඇති වූ සංස්කෘතික ප්‍රාතිහාර්යයක් බවයි. (නි)
අපේ කාලයේත් පේරාදෙණිය හරිම සුන්දරයි....මම කියන්නේ මල් වත්ත හරිද (බ)
සිදුවීම වෙනකොට මමත් මනමේ රස විඳිමින් හිටියේ. හිතට ලොකු දුකක් දැනුනා. (නි)
අද වළ තියෙන්න ඕනේ ශිෂ්‍යයන්ට නෙමෙයි , දේශපාලකයන්ට. අද තරුණ මනස ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. උන්ට ඔය වළෙන් උගන්වන්නට හදන කල්පැනපු හණමිටි සංකල්ප නෙවෙයි අවශ්‍යය.(බ)
හරිම කණගාටුයි . අපේ කාලේ මේ වගේ දේවල් වුනේ නැහැ. පේරාදෙණිය කියන්නේ නිදහස් තැනක් . හැමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තියෙන්න ඕනි. ජවීප සහ පෙරටුගාමීන් ළමයින්ගේ මනස විකෘති කරනවා .නිදහස් මිනිසෙක් බිහිවෙන්නේ නැතුව රටක් හැදෙන්නේ නැහැ. (බ)
උගත් වුනාට බුද්ධිමත් නැති ගොන් රැලක් තමා අද කාලේ කැම්පස් වල ඉන්නේ .. මෙලෝ රහක් නෑ...(බ)
නසාර් ඔය වැඩේට ඔක්කොටම බනින්න එපා. දිස්ත්‍රික් මට්ටමේ අඩු ලකුණු ලබාගෙන ආව සමහරු දේශපාලනේ කරන්න හදනවා. එයාලට මතක නෑ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඇවිත් ඔහොම පිස්සු නටන්න එයාලට අයිති නැති බව. (හේ)
ඔක්කෝගේම ඔලුව ඉදිමිලා.(හේ)
විශ්ව විද්‍යාල සිසුන්ගේ විනය ඉතාමත් පහල මට්ටමකට වැටිලා. හරිම කණගාටුයි....(හේ)
ඉස්සර වල සතිය කිහපුවහම පුදුම සතුටක් දැනෙන්නේ.ළමයින්ගේ ආකල්ප වල පුදුමාකාර පසුබෑමක් තියෙනවා දැන්.(හේ)
අවසානයේ මනමේටද බිත්තර ගසා වළේ පහරන අසරණයින් ගැන කුමක් ලියන්නද? නුඹලා ගල් ගැසිය යුත්තේ කලාකරුවන්ට නොවේ. ලොව සොඳුරු බව රඳාපවතිනුයේ විවිධත්වය මත බවද, යථාර්තය වඩාත් ඔපනැංවෙනුයේ වෙනස් අදහස් වල ගැටුමෙන් බවද නුඹලාගෙන් සැඟවූ, සියලු දෙයට ඇත්තේ එකම එක උත්තරයක් බව නුඹලාගේ ඇට මිඳුළු තුළට කා වැද්දු මේ අධ්‍යාපන ක්‍රමයටත් එයට අනියමින් හෝ මුක්කුගසන ගුරුවරුන් වන අපටත්ය. (නි)
අපේ කාළේ නම් මේවගේ දේවල් එළිමහන් රංග පීඨයේ වුනේ නැහැ . (හේ)
රටේ අනාගතය බාරගන්නට බිහිවන බුද්ධිමතුන් මෙහෙම නම් අනාගතය ගැන කුමන කතාද? මේවට වගකිවයුත්තෝ පාලකයන්. (නි)
කොමියුනිස්ට්වාදය පිටුපස යනකම් රටට සෙතක් වෙන්නේ නැහැ. අතීතයේ මේවා කරපු අය අපිට මතකනේ (නි)
හොරකමට වංචාවට හරි කියන අයගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? (නි)
අද කාලේ විශ්ව විද්‍යාල ළමයින්ටත් කිසිම රසඥතාවයක් නැහැ. ඔන්න සුපිරි තාරුකාවක් ගෙනල්ලා සින්දු කියෙවුවා නම්, නැටුවා නම් විසිල් ගගහා බලාවි. මනමේ නාට්‍යයට බිත්තර ගහන්න තරම් පහත් රසඥතාවයක් තියෙන තැනක් වුණාද අද පේරාදෙණිය? බොහොම කණගාටුයි! (නි)
ඉස්සර හිටපු විද්‍යාර්ථින් මික් කියන්නේ නැතිව නරඹපු නාට්‍ය , දැන් ඉන්න පුස්සෝ හු කියනවා ගල් ගහනවා උඩ පනිනවා , ඔන්න ඕකයි එදා සහ අද වින්දනයේ වෙනස (බ)
නාට්‍යයේ තියෙන වරද මොකද්ද බිත්තර ගහන්න. (නි)
වළ කියන්නේ සුන්දරම තැනක්. එ්කෙත් හැසිරෙන්න දන්නේ නැත්නම් ඔවුන් ගැන කතාකරන එකත් තේරුමක් නැහැ
පේරාදෙණියේ ඇතිවෙමින් පවතින්නේ දාමරික සංස්කෘතියකි. මෙයින් අපට ඉගෙනීමට හැකි එක වැදගත් පාඩමක් වන්නේ ජවිපෙට හෝ පෙරටුගාමීන්හට අපගේ ජාතික විශ්ව විද්‍යාල ප්‍රජාතාන්ත්‍රික පදනමක සිට ගෙනියන්නට නොහැකි බවය. පිටින් පැමිණෙන කලාකරුවන්ට මෙලෙස සළකන අතර ඇතුළේ වෙනස් මත සහ විරුද්ධ මත දරන අයවළුන්හට සළකන ආකාරය කොතරම් දාමරික සහ ම්ලේච්ඡද යන්න සිතාගැනීම අපහසු නැත. (නි)
නසාර් මහත්තයට කියන්න පුලුවන්ද ඔබ පේරාදෙණියේ හිටියේ කොයි අවුරුදු වලද කියලා? (නි)
මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මෑතදි සිදුවුණ කඩාකප්පල්කාරි සිදුම් තුනේදිම මම වළේ හිටියා. හරිම කණගාටුයි කියන්න අපෙන් නිදහස් චින්තනය ඈත්වෙලා යනවා. වෙන කෙනෙකුගේ අදහසක් සාවධානව අහගෙන ඉඳලා ඒක වචන වලින් විවේචනය කරන්න තරම් තාර්කික බුද්ධියක් අද විද්‍යාර්තයන් ළඟ නැහැ. අපි කොහෙටද මේ යන්නේ? මොනවා වුණත් ඒ ගමන පරෝපකාරය ඇති, මානවහිතවාදි සුභ ගමනක් නම් නොවෙයි (නි)
මනමේ නාට්‍යයට බිත්තර ගහන්නේ කුකුල් මොළ තියන පිරිස්. මේ කුකුල් මොළකාරයන්ට අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සහ කලාව ගැන ඉගැන්විය යුතුව තිබෙනවා. (නි)
විශ්ව විද්‍යාල කාලය කියන්නේ අවුරුදු තුන හතරක් වන ජීවිතයේ ලස්සනම කාලයක්. එවන් කාලයක් අත්දකින්න බැරි අය ගැන හරිම කණගාටු හිතෙනවා (නි)
ඉතාම කණගාටුදායකයි අද විශ්ව විද්‍යාල පත්වෙලා තියෙන තත්වය නම්... (නි)
හරිම හිතට අමාරුයි. අපේ කාලේ වළ කියන්නේ හරිම විනෝදජනක තැනක්. (නි)
විශ්ව විද්‍යාලයට යන්නේ ඉගෙනගන්න. රසවින්දනයක් නැති මිනිස්සු වෙලා දැන්. ලැජ්ජයි. මෙයින් වෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන අය වැඩිවෙන එකයි. ලැජ්ජයි. (නි)
සමරසිංහ, මේ අපේ කාලේ කියන්නේ කොයි කාලේද? 1963 දී සාහිත්‍ය මණ්ඩලෙන් පැවැත්වුණු රැස්වීමේදිත් බිත්තර හටනක් සිදුවුණා. රැස්වීම කෙළවර වුණේ හූවෙන්. මමත් එතන හිටියා. මමත් හූ කිව්වා, එහෙම නොකළොත් මට තත්වයක් නැති හින්දා. හැබැයි මහත්තයෝ, එදා ජේ.වී.පී.එකක් නම් තිබුනේ නැහැ. කොහේහරි වළියක් ගියොත් එ්ක ජේ.වී.පී එකට සම්බන්ධ කරන්න හදන එක මෝඩකමක්. (නි)
මනමේ නාට්‍යය ඔය ක්ෂේත්‍රයේ එක්තරා වැදගත් අවස්ථාවක් තමයි. එහෙත් ඕක දැන් බලලා බලලා එපාවෙලා ඇති. `විශ්ව විද්‍යාල වල ළමයින්ගේ විනය තත්වය පහළ මට්ටමකට වැටිලා` නම් ඒකට වගකියන්න ඕනෑ කවුද? (නි)
නිදහස් අධ්‍යාපනයට ගිය කල! (නි)
මේ ගැනනම් හරිම කණගාටුයි. (ර)
ලොකු දුකක් හිතට දැනෙන්නෙ. මේක පිටුපස්සෙ ඇත්තෙ සුළු පිරිසකගෙ ඉතාම පටු අරමුණක්. අපි පේරාදෙණියෙන් අරන් ආපු සුන්දර මතකයන් අද ඉන්න මල්ලිලා නංගිලාට කවදාවත් ලැබෙන්නෙ නෑ. මිහිර වගේ අයත් තාම පේරෙ ඉන්න එකගැන සතුටුයි. (ර)