
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල නිවෙසකට අත් බෝම්බයක් එල්ල කර දරු දෙදෙනකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුට මඟ පෙන් වූ බව කියන පුද්ගලයාට එරෙහිව පැය 48 ක කාලයකට රැඳවුම් නියෝග ලබාගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
සැකකරුවන් සිදු කළ එම අපරාධයෙන් මිය ගොස් තිබුණේ හෙට්ටිආරච්චිලාගේ දුමින්ද ගිහාන් (11) හා කසුන් රශ්මික (17) යන සොහොයුරන් දෙදෙනාය.
එම සිද්ධියෙන් බරපතල ලැබූ දරුවන් දෙදෙනාගේ පියා පාදයක් අහිමිව මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති පාතාල සාමාජිකයන් දෙදෙනා අතර ඇති වූ විරසකය හේතුවෙන් දරු දෙදෙනා පදිංචි යාබද නිවසේ පදිංචි පුද්ගලයකුට එල්ල කිරීම සඳහා අපරාධ කල්ලි සාමාජිකයන් උපදෙස් ලබා දී තිබුණ ද බෝම්බකරුට එම අවස්ථාවේදී ඇති වූ වැරැදි වැටහීම හේතුවෙන් දරු දෙදෙනා පදිංචි නිවස වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd