(අංජුල මහික වීරරත්න)

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය මගීන්ට මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා ඇතැයි ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

එසේම, pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.