(නිමල කොඩිතුවක්කු)

එල්නිනෝ තත්ත්වයේ බලපෑම එල්ල වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 10 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39 කට මෙහි බලපෑම එල්ල වී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින වියලි කාලගුණයෙන් පවුල් 51959 කට අයත් පුද්ගලයින් 168906 කට මේ වනවිට බලපෑම් එල්ල වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණය මොනරාගල, අම්පාර, බදුල්ල, හම්බන්තොට, මඩකලපුව, පොලොන්නරුව, වව්නියාව, අනුරාධපුර, රත්නපුර සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා බලපා ඇත.