
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ නර්ගීස් මොහම්මදීගේ සිරදඬුවම තවත් වසර 7 කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කළ බව මොහම්මදී වෙනුවෙන් පෙනී සිටින ඇගේ නීතීඥවරු පවසති.
නර්ගීස් මොහම්මදී 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඒ වනවිටත් ඇය ඉරාන රජයේ උදහසට ලක්වී බන්ධනාගාරගතව සිටියාය. ඒ, මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ඉරාන වැසියන් වෙනුවෙන් හඬ නැගීමේ වරදටය.
53 හැවිරිදි නර්ගීස් මොහම්මදී මේ වනවිට රඳවා ඇත්තේ තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේය. පසුගිය පෙබරවාරි දෙවැනිදා යළිත් වරක් උපවාසයක් ආරම්භ කළ බව ඇගේ නීතීඥවරු පවසති. ඒ, ඇයට බන්ධනාගාරයේ දී සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd