(හේමලතා ඩී හේවගේ සහ ප්‍රියංකා රූපසිංහ)

යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ  අද (09) පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී  වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

පුදගලයින්  තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය කියයි.


මෙසේ ඝාතනය කර ඇත්තේ සුභසිංහ දේවගේ අසංක දේශප්‍රිය සේනානායක නැමති 42 හැවිරිදි එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිඳ විදේශගතව ඇති බවද සඳහන්වේ

පැරණි ආරවුලක් මත සැලසුම් සහගතව මෙම ඝාතනය  සිදුවූවක්ද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි.

ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 40, 45,  සහ 46 හැවිරිදී මෙම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් ඉන් එක් අයෙකු විශ්‍රාමික හමුදා සෙබළකු බවද පොලිසිය පවසයි.