( ඩී.ජී.සුගතපාල)

පොලිස් අණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට ගාල්ල කලේගාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් වෙඩි තබා ඇති බවත් එම මෝටර් රථය වෙඩි පහරකාගෙන පලාගොස් ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සංක්‍රමික යතුරු පැදි ඒකකයේ නිලධාරින් ඊයේ  (08) රාත්‍රියේදී ගාල්ල කලේගාන සපුමල් ප්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් පරික්ෂා කිරිමට සුදානම්වු අවස්ථාවේ මෝටර් රථය ඉදිරියට ධාවනය කර ඇත.

 ඒ සමගම පොලිස් නිලධාරින් පසුපස හඹාගොස් මෝටර් රථයේ පිටුපසට වෙඩි තබා ඇති අතර මේටර් රථය වෙඩි පහරකාගෙනම නොනවත්වා ධාවනය කර ඇත.

  මෝටර් රථයේ අංකය අපහැදිලි බවත් මෝටර් රථය මෙතෙක් සොයා ගැනිමට නෙහැකිව ඇති බවත් පොලිසිය පවසයි.