
(අංජුල මහික වීරරත්න)
අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත මඟින් නෛතික ප්‍රතිපාදන සලසා ඇත. කාලානුරූපීව ඇති වූ පරිපාලනමය වෙනස්කම් සහ ක්ෂේත්‍රයේ වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, වසර 30 කට අධික කාලයක් තුළ යාවත්කාලීන නොවූ එම පනත සංශෝධනය කිරීම සඳහා 2023-09-04 සහ 2025-08-11 දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අනුමැතිය ලබා දී තිබේ.
එම යෝජිත සංශෝධන මඟින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා අනෙකුත් නිලධාරීන්ගේ තනතුරු නාම සංශෝධනය කිරීමට හා අපනයන කෘෂිකර්ම බෝගය ' යන්නට වඩාත් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබා දීමට අපේක්ෂා කර ඇත.
ඒ අනුව, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd