හල්ඔළුවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු පෞද්ගලික බැංකුවක් අසලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔළුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ගමන් ගත් මෝටර් රථය හරස්කර මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 03 June 2025
බුද්ධි කොස්තාපල්ට පහරදුන් 4ක් අල්ලයි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 03 June 2025
පළාත් කීපයකට වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 03 June 2025
ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති දිවයිනට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය . 03 June 2025
විදේශ කාර්යාංශය කෝටි සීයක් පිනට දීලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 03 June 2025
කුඩ්ඩන්ට යට නොවූ පොලිසිය කැවුම් කිරිබත් කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් තොඩුවාව පොලිසියට උපහාර පළ කරන්නට ගම්වැසියෝ කැවුම් කිරිබත් උයාගෙන පොලිසියට පැමිණියහ. 02 June 2025
මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය 02 June 2025
පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක් පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 02 June 2025
කොළඹ සජබ පුරපති අපේක්ෂක නම් කිරීම හෙට කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය හෙට (3) ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. 02 June 2025
කොලේ වහලා රබර් බුෂ් ගෙනත් ලංකා පොස්පේට් සමාගම ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදාගන්නා ‘රබර් බුෂ්’ ගබඩාවේ තිබියදී එ්වා පාවිච්චියට ගත නොහැකි බව දන්වමින් එම ඒකක දෙසීයක් වැඩි මිලට ආනයනය කිරීමෙන් ආයතනයට රැපියල් එක්කෝටි පනස් හත් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර අලුත්ම වාර්තාවක සඳහන් වේ. 02 June 2025
මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි. 02 June 2025
මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ ’’මිණි ධන පදනම’’ මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ. 02 June 2025
අනුදි ගුණසේකර දිවයිනට 2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. 02 June 2025
කැකිරාවට සජබෙන් කාන්තාවන් පත් කරනවට තහනමක් කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේග ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා කාන්තාවන් පත්කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (02) නිකුත් කළේය. 02 June 2025
ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයට ලැබණු සුඛෝපභෝගී මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය . 02 June 2025
ලිදුල නගර සභාවේ හිටපු සභාපති රිමාන්ඩ් තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු සභාපති අශෝක සේපාල ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(02) නියෝග කළාය. 02 June 2025
ජනපතිගෙන් ජනතාවට සහතිකයක් ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක් වත් දේශපාලන අධිකාරිය විසින් වංචා හෝ නාස්ති නොකරන බවට රටට සහතිකයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2)පැවසීය. 02 June 2025
පසුගිය කාලෙ දියුණු වුණේ දේශපාලකයන්ගේ බැංකු ගිණුම් පසුගිය කාලේ මොරටුවේ දියුණුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිලාගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් නම් දියුණු වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 02 June 2025
කොරතොට ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට පොලිසි විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේදී නිවෙසක සිටි පුද්ගලයකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 02 June 2025
මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ වැඩ බාරගනී මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා බත්තරමුල්ල, කොස්වත්ත, ‘මහනැගුම මහමැදුර’ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිය රාජකාරි අද ආරම්භ කළේය. 02 June 2025
ගාල්ලේ දරුවෙක් කොරෝනාවෙන් මරුට ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි. 02 June 2025
ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි ජාතික ජනබලවේගය මේ වන විට දිවයිනේ පළාත් පාලන ආයතන 151ක බලය පිහිටුවා තිබේ. 02 June 2025
ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක් ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. 02 June 2025
අධිකරණයට අපහස කළැයි නීතිඥවරියගේ නඩුව අවසන් කරයි උසාවියට අපහාස කරන කළැයි කියමින් පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු අභියෝජනාධිකරණය විසින් නොපමාව මුදා හරිනු ලැබු පුත්තලම මහාධිකරණ කලාපයේ රාජකාරී කරන නීතීඥ එස්.ඒ.පී. උදයංගනී මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංයමය ගොනු කොට තිබූ රිට් පෙත්සමේ පාර්ශවකරුවන් අතර ඇතිවු එකඟත්වය මත නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීරණය කළේය. 02 June 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(02) නියෝග කළාය. 02 June 2025
ජාතික තේරීම් කමිටුව පත් කරයි ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 02 June 2025
පැන ගිය සෙබළු 2983 ක් අල්ලයි ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළුන් 2983 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවැසීය. 02 June 2025
සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි. 02 June 2025
විදුලි සැරෙන් මාරයා එයි කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් අද (02) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 02 June 2025
’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026