’’ලොවම දිනිය හැකි දරු පරපුරක් ගොඩනගනවා’’ ආර්ථික අවස්ථා අත්පත් කරගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. 25 March 2025
අයවැයෙන් විශ්‍රාමිකයන් ආමාරුවේ දාලලු මෙම වසරේ අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ විශාල විෂමතාවක් ඇති වී තිබෙන බව රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පැවසීය. 25 March 2025
කපා දැමූ සෞඛ්‍ය දීමනා යළි දෙයි රාජ්‍ය පරිපාල චක්‍රලේඛ 10/2025 මගින්, කපා දැමීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි තහවුරු කිරීමට රජය එකඟ වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 25 March 2025
රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි. 25 March 2025
හොරෙන් ගෙනා වාහන අල්ලන්නැයි නියෝගයක් හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන 19 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25) නියෝග කළාය. 25 March 2025
‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ‘‘ ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය. 25 March 2025
හදවත උණු වුණු ළමා දොස්තර ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක සංවේදී වු ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා එම ඖෂධ තොගයක් පුද්ගලික වියදමින් පරිත්‍යාග කළේය. 25 March 2025
තොටළඟ වෙඩික්කරු මාට්ටු තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි 25 March 2025
පාර්ලිමේන්තුවේ දිග හැරෙන දේශබන්දුගේ විෂමාචාර මෙන්න දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමාචාර ක්‍රියා 27ක් දක්වා තිබේ. 25 March 2025
‘‘එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගත්තේ නයිට්‍රික් අම්ලයෙන්‘‘ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බවත් විමර්ශන වලදී හෙළි වී ඇතැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද දැනුම් දුන්නේය. 25 March 2025
ෆොන්සේකා සජබෙ කේන්දරය බලයි සමගි ජන බලවේගය ඉදිරියේදී තවත් දරුණු ලෙස කඩා වැටීමට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 25 March 2025
දේශබන්දු ගෙදර යවන්න සජබෙත් සහය අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 March 2025
යෝගී පාටෙල්ට කෝටි අට හමාරක දඩ:වසර හතරක සිරදඬුවමක් මහනුවර පල්ලේකැලේ දී පසුගිය 2024 වසරේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ කණ්ඩායමක හිමිකරුවකු වන යෝගී පටෙල් නමැත්තාට රුපියල් මිලියන 85ක දඩ මුදලක් හා වසර හතරක ලිහිල් සිර දඬුවමක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය. 25 March 2025
ජනතාවට වින කළ පොලිස්පති ජන වරමේ බලයෙන් ඉවත් කරනවා ජනතාවට වින කළ පොලිස්පතිවරයා ජනවරමේ බලය පාවිච්චි කරමින් ඉවත් කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 25 March 2025
මහාචාර්ය ගණනාත් දිවියට සමුදෙයි ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. 25 March 2025
දේශබන්දුට චෝදනා හතරක් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ චෝදනා හතරක් දක්වා තිබේ. 25 March 2025
ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුව බිමල්ට ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය. 25 March 2025
කාන්තාවගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමු පීසී අත්අඩංගුවට කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 25 March 2025
පෑලියගොඩ වෙළෙන්දෝ විරෝධයක පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ උඩුමහලේ පලතුරු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට විවිධ ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇතැයි චෝදනා කරමින් එම ව්‍යාපාරිකයෝ හා සේවකයෝ උද්ඝෝෂණයක් නිරත වූහ. 25 March 2025
නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පනතේ (නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 25 March 2025
රණවිරුවන්ට දාන සම්බාධක හෙලා දකිමි මානව හිමිකම් චෝදනා ගැන කියමින් එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 25 March 2025
යෝෂිත-බිරිය පොලීසියට කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිහ. 25 March 2025
බීමත් පිරිසක් මිහින්තලා හිමිට බැන තර්ජනය කරලා ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට බීමත්ව වෑන් රථයකින් පැමිණි පිරිසක් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කළ බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති. 25 March 2025
දේශබන්දු ඉවත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ. 25 March 2025
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 25 March 2025
හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. 25 March 2025
ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 25 March 2025
කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 25 March 2025
බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්රධානියකුට බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවනු ලැබුවේය. 25 March 2025
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025