අපේ නිහතමානීකම නිවට කමක් සේ හිතන්න එපා අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 June 2025
අපේ අලුත් ගුවන් කුරුල්ලා කොළඹ අහසේ පියා සැරූ හැටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය. 04 June 2025
ජනාධිපති අරමුදල උතුරට ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 04 June 2025
පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 04 June 2025
ධීවරයෙක් කපා කොටා මරලා හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ (03) රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය . 04 June 2025
ලී මෝල ගිනි රකුසාට බිලි පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි. 04 June 2025
තැනින් තැනට සුළු වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 04 June 2025
දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක් දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුන් ජයග්‍රහණය කළේය. 04 June 2025
අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 03 June 2025
නවක වදය සිද්ධියකට සිසුවියක් වැවට පැනලා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 03 June 2025
රට කිරෙන් උතුර උතුරවන්න ජනපති සමඟ සාකච්ඡාවක් දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 June 2025
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (3) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 03 June 2025
දේශබන්දු කමිටුවේදී අද සිද්ධ වුණු දේ නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ලබාදීම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී අද (3) සිදුවිය 03 June 2025
දෝව කන්දේ ගින්නක් :පාලනයට යුද හමුදාව බණ්ඩාරවල දෝව ඓතිහාසික විහාරස්ථානයට ආසන්න කන්දේ අද (03) සවස හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 June 2025
බාල බෙහෙත් සිද්ධිය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කිරීමට බලාපොරොත්තු වන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේ ය . 03 June 2025
ලංවිමට නව සභාපතිවරයෙක් ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. 03 June 2025
විලාකටුපොත වැවේ මරණ දෙකක් වාරියපොල විලාකටුපොත වැවෙහි පාවෙමින් තිබූ මළ සිරුර පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයකු ද දියේ ගිලී අතුරුදහන් වී ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 03 June 2025
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයන්ගේ පෙත්සම විසිවේ තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය. 03 June 2025
කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි බදුල්ල කොළඹ මාර්ගයයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරියක් හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට කඩා ගෙන යාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට අද (3) බාධා සිදුව ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 03 June 2025
කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය ඉංගිරිය කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සහ රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 June 2025
රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය. 03 June 2025
බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 June 2025
අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
කම්කරු පනත් අලුත් කරන්න කමිටුවක් කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
නාමල් හර්ෂණ ගැටේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (3) පස්වරුවේ හට ගත්තේය. 03 June 2025
රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම් ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 June 2025
උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’සාන් සුද්දා’ නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. 03 June 2025
සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026