දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා අවසරදී ඇත. 25 March 2025
තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා) දැනුම් දුන්නේය. 24 March 2025
රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක් රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසුවේය. 24 March 2025
මහපොළ ප්‍රමාදය වළක්වන්න පියවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය. 24 March 2025
රනිල් 76වැනි උපන් දිනය සමරයි ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ. 24 March 2025
තරුණ සභාවේ අමුතු ගැහිල්ලක් ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදිරිපත් කරමින් මැදිහත්ව ඇතැයි කෝප් අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 24 March 2025
කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කළ රියදුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 March 2025
රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම කණ්ඩායමට රැකියාලාභීහු 20 දෙනෙක් ඇතුළත් වෙති. 24 March 2025
කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 March 2025
බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මෙම එන්නත අනිවාර්ය වේ. 24 March 2025
නව කම්කරු කොමසාරිස් වැඩ බාර ගනී නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත්තාය. 24 March 2025
පාරිභෝගික අධිකාරිය විශේෂ මෙහෙයුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්‍රේල් මස 25 දින දක්වා ක්‍රියාත්මක කරන බවත් එම අදිකාරිය පවසයි. 24 March 2025
උසස් කමිටුවෙන් තව ලොක්කන් තුනකට අනුමැතිය නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය දුන්නේය. 24 March 2025
ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 24 March 2025
දුම්රිය රියදුරන් බඳවා ගන්න යයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා අයදුම් පත් කැඳවා ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ හිටපු ලේකම් එස්.ආර් .සී .එම්.සේනානායක මහතා පැවසීය. 24 March 2025
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 24 March 2025
ඩීසල් පානය කළ දරුවෙක් මරුට නිවෙසේ මිදුලේ ප්ලාස්ටික් බෝතලයක තිබූ ඩීසල් පානය කළ බව කියන අවුරුද්දයි මාස නවයක දරුවෙකු මියගොස් ඇති බව කයිට්ස් පොලිසිය පවසයි. 24 March 2025
විනෝදයට ඔරු පැද්ද දෙන්නෙක් ගිලී මරුට කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු දියේගිලී මියගොස් ඇති බව කලුතර දකුණ පොලීසිය කියයි. 24 March 2025
නව රාජ්‍ය දූතයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24) සිය අක්තපත්‍ර බාර දුන්හ. 24 March 2025
ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ අත් වරදින් ගුවන් හමුදා ප්‍රහාරක බල ගණයට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමට හේතුව එම පුහුණු නියමුවන්ගෙ අත්වැරැද්දක් බව ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 24 March 2025
මැතිසබේ ’’පුස්පාට්’’ හොයන්න එළියෙන් කට්ටියක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත. 24 March 2025
රජයේ මුද්‍රණාලයේ නිවාඩු අවලංගුයි රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත. 24 March 2025
පාලිකාවට බොරු කියා දරු දෙදෙනා පැන යති අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23) පළා ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි . 24 March 2025
හාල් ලොරිය පෙරළෙයි බදුල්ල සිට බණ්ඩාරවල දක්වා ධාවනය වෙමින් තිබූ හාල් පැටවූ ලොරියක් අද (24 ) බණ්ඩාරවෙල දික්ආරාව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු සහ සහයක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 March 2025
දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ. 24 March 2025
මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි හයක් 2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 24 March 2025
බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 24 March 2025
සැකකරු මාංචු සමඟ පැන ගිහින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි. 24 March 2025
මොටර් රියක් මහමඟ දමා ගිහින් වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි . 24 March 2025
මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න මෘදුකාංගයක් පළාත් පාලන මැතිවරණයේදී සිදුවන මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය 24 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025