ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්දර පොලිසිය පවසයි. 23 March 2025
දේපොළ ගැන විශේෂ පනතක් පාර්ලිමේන්තුවට අයිතිය හෝ උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි දේපොළ රජයට පවරා ගැනීම සදහා වූ විශේෂ විධි විධාන පනතක් ලබන අප්‍රියෙල් මස 08 දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසයි. 23 March 2025
ගබඩා සහායක ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ටි 56 ජිව උණ්ඩ සහ එල්.එම්.ජි අවි සඳහා යොදන උණ්ඩ සමඟ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයා අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 23 March 2025
පාප්තුමන් අද රෝහලෙන් යනවා පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 23 March 2025
බස්නාහිරට සබරගමුවට සවස වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 March 2025
ලක්ෂ පහක අල්ලස් ගත් තුනක් මාට්ටු ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත පාරම්පරික වෛද්‍යවරියක ලෙස සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙක් ඇතුළු තිදෙනෙක් පෙරේදා 22 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 23 March 2025
දේශබන්දු පිටින් කෑම ඉල්ලයි පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 22 March 2025
මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 22 March 2025
මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්යක්ෂ චාල්ස් කැලනන් මහතා පැවසීය. 22 March 2025
ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල් . ඒම් . මානගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණි . 22 March 2025
කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක් කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් නව නිවසක් තනා දී ඇත. 22 March 2025
අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසීය. 22 March 2025
ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය. 22 March 2025
පුංචි ඡන්දෙට මැතිසබේ කැලැන්ඩරය වෙනස් වෙයි පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වෙන හෙයින් එම මාසයේ පළමු සතියට අදාල රැස්වීම් 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 22 March 2025
අම්පාර හෙද විදුහලෙන් හෙද සේවයට 140ක් රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 22 March 2025
දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 March 2025
අයවැයට කථානායක සහතිකය පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය. 21 March 2025
අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 March 2025
කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 21 March 2025
ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 March 2025
නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක් රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසීය. 21 March 2025
කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් සහ තවත් මෝටර් රථයක අංක තහඩුවක්, අවි පුහුණුවට යොදාගන්නා පොත්ක් ඇතුළු උපකරණ අද පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 21 March 2025
වැලිගම සිද්ධියට අධිකරණයට බාරවූ සි.සී.ඩී නිලධාරීන්ට ඇප වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 21 March 2025
ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල් වෙයි ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි. 21 March 2025
වැල්ලම්පිටියේ මරණයට කුලී රියැදුරා අත්අඩංගුවට අධික ලෙස මත් වී කුලී ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසි පවසයි. 21 March 2025
පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය. 21 March 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 21 March 2025
පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය. 21 March 2025
පොසොන් උත්සවය මිහින්තලයේ අනුබුදු දහමින් ලොවම නිවේවා’ තේමාව යටතේ 2025 වර්ෂයේ පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට තීරණය කල බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි 21 March 2025
’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’ අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025