’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 May 2025
ඩී.අයි.ජීට දුන් බලය ඒ.එස්.පීට මාරුකරයි ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ 2023 වසරේ ජූලි මස පැවරූ එම කොමිසම සතු බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අද (30) ප්‍රසිද්ධ කළේය. 30 May 2025
කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන වැසි හා සුළි සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ආපදාවන්ට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද එහි ගියේය. 30 May 2025
කොළඹ ’’ඇළ’’ ලස්සන කරන වැඩ අරඹයි ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ සහ අවට ප්‍රදේශවල ඇළ මාර්ග හා ඒ ආශ්රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 30 May 2025
රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘ රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි. 30 May 2025
මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට? බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 30 May 2025
‘මැතිසබේ කෑම අපිට එපා’ වැඩි කෙරැණු මාසික කෑම බිල තමන්ට දරා ගත නොහැකි හෙයින් පාර්ලිමේන්තුවෙන් මින් ඉදිරියට කෑම නොගැනීමට තීරණය කර ඇතැයි සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 30 May 2025
මරදාන දුම්රිය ස්ථානයේ වහල සුළඟට යයි දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් සුළගින් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ. 30 May 2025
කෝටි 47ක විදේශ දුම්වැටි විනාශ කරයි නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473 ක් හේවත් රුපියල් කෝටි 47 කට අධික වටිනා විදේශීය දුම්වැටි ලක්ෂ 31 ක් අද (30) විනාශ කළේය. 30 May 2025
ප්‍රධාන - කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය. 30 May 2025
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වේ නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන ’’ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’’ (NHDC) අද (30) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය. 30 May 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දී තිබු රුපියල් ලක්ෂ 4 1/2කට අධික වටිනාකමැති සන්නිවේදන භාණ්ඩ කීපයක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්යක්ෂවරයකු වු තුසිත හල්ලොලුව මහතාගේ ඇප අවලංගු කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජුනි 02 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට අද (30) නියම කළාය. 30 May 2025
දෙමටගොඩ චමින්දට තවත් නඩුවක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දණ්ඩනය නියම වී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යැයි කියන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්දට අයථා අන්දමින් මුදල් ඉපවූයේ යැයි සඳහන් කරමින් කොළඹ වංචා විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (30) නඩු පැවරීය. 30 May 2025
කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු තහනම් හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවල කුඩා යාත්‍රාවලට ධීවර කටයුතු කිරීම තවදුරටත් තහනම් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 30 May 2025
අබුඩාබි ’’තෙල් ලොක්කෝ’’ බලශක්ති ඇමති හමු වෙති අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 30 May 2025
ඖෂධ සැපයුම් බාධා අඩු කර ගන්න නව තීරණයක් ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු නිසා ඇතිවන ඖෂධ සැපයීම්, බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ සහාය ඍජුවම ලබා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 30 May 2025
ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක් ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 30 May 2025
ගමේ පාසල් හතරක් ජනපති කාර්යාලයට හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ. 30 May 2025
කෝටි ගණන් වංචා කළැයි පිරමීඩ සමාගමක අධ්‍යක්ෂක රිමාන්ඩ් ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ’’ෆූගෝ ඔලින්’’ (Fruugo oline) නැමැති නීති විරෝධී පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂක ධූරය දැරූ මනම්පිටියේ තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (30) නියෝග කළාය. 30 May 2025
යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා අද (30) නියම කළේය. 30 May 2025
කුඩු - අයිස් ගෙනා ධීවර යාත්‍රාවේ හිමිකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර රුපියල් කෝටි 1400 ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු ලබන තුන දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද අවසර ලබා දුන්නාය. 30 May 2025
රට පුරා විදුලි බිඳවැටීම් 29000ක් රටතුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශයකල ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (30) පැවසීය. 30 May 2025
බම්බලපිටිය පොලිසියේ වහලත් හුළගෙ යයි කොළඹ ප්‍රදේශයට ඊයේ (29) රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහලය ගලවාගෙන ගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි. 30 May 2025
රටින් ගෙනා පළමු පොල් කිරි තොගය හෙට මුදා හරී ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය කියයි. 30 May 2025
අලි පාසල් එති: දරුවෝ නිවෙස්වල නවතිති වල් අලි තිදෙනකු බරවකුඹුක අබේසේකර ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම විදුහල (30) දින මාපියන්ගේ ඉල්ලීම මත වසා දැමීමට පියවර ගෙන ඇත. 30 May 2025
නීති විරෝධිව ගෙන ආ විදෙස් දුම්වැටි සමඟ කාන්තාවක් කොටුවෙයි රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද(30 )අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 May 2025
හදිසි ආපදාවකදී 117 ට ඕනෑම වෙලාවක කියන්න හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 30 May 2025
මහනුවරට පැය 36ක් ජලය නෑ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී මහනුවර නගරයට ජලය බෙදා හරින අභ්‍යන්තර ජලනල පද්ධතියට සිදුවූ හානියක් හේතුවෙන් අද (30) අලුයම 2.00 දක්වා මහනුවර නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. 30 May 2025
වැස්සෙන් මදුරන්කුලියේ පාළමක් කැඩෙයි :ගම් 20ක ජනතාව අමාරුවේ මදුරන්කුලිය තොඩුවාව මාර්ගයෙ කඩයමොට්ට ප්‍රදේශයෙ අබලන් වු පාළමක් ඉදිකරන තුරු සකසා තිබු තාවකාලික අතුරු මාර්ගය මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කඩා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි. 30 May 2025
හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ ගමනා ගමනයට බාධා කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද සුළං සමඟ ඇද හැලෙන අධික වැසි හේතුවෙන් හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් ස්ථාන කිහිපයකදි කඩා වැටි එම මාර්ගයේ ගමනා ගමන කටයුතුඅද (30) ඇනහිට ඇති බව හැටන් පොලිසිය පැවසීය. 30 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026