
(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය සභාපතිවරයාගේ අයවැය යෝජනාවක් නොවන බවට චෝදනා කරමින් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉවත් වී යාමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 28 දෙනාගේ ඒකච්ඡන්දයෙන් අද ( 25) සම්මත විය.
ජාතික ජන බලවේගයේ සුමිත් මහින්දලාල් සභාපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය ලේඛනය 25 සභාවට ඉදිරිපත් කළේය .
සරත් නන්දසිරි රනතුංග ( පොදු ජන පෙරමුණ), සෝමරත්න දේනෙත්ති (සර්ව ජනබලය) කුමාර ගජනායක (ජාතික ජනතා පක්ෂය) ශිරාණි නිල්මිණි ( සමගි ජන බලවේගය) මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේකම්වරියගේ අයවැයක් බවට චෝදනා කරමින් එය නිවැරදි විය යුතු බව සඳහන්කළේය.
සභාපතිවරයා පිළිතුරු දෙන අවස්ථාවේ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විරුද්ධතාවය දක්වමින් සභා ගැඹෙන් පිටව යනු ලැබීය.
අනතුරුව පාලක ජාතික ජන බලවේග මන්ත්‍රීවරු සිය අදහස් දැක්වීමෙන් පසු අයවැය සභා සම්මත කෙරිණි.මෙහිදී අදහස් දැක්වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පක්ෂයේ ක්‍රියාදාමය දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළහ.


2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1138
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මීරිගම ප්‍රා.ස.අය වැය සම්මතයි
ලයන් Tuesday, 25 November 2025 12:46 PM
මේ පරන විපක්ෂයම තමයි ,අය වැය හොද උනත් නරක උනත් නරක උනත් අපි විරුද්දයි, මොකද අපි විපක්ෂෙ
Thasi Wednesday, 26 November 2025 06:31 AM
කුල්ල කුජිත්තයි හලෝ. පාලු ගෙයි වළං බිඳිනවා. ජෙපි ක්‍රමය.