
(එම්.සුසිල් පියන්ත)
මහ මුහුදේ නැවකින් ඇදෙගෙන යමින් සිටි බත්තලකට මෝටර් බෝට්ටුවක් අද (25) යටවී මෝටර් බෝට්ටුවක් මුළුමනින්ම විනාශවී ගොස් ඇතැයි අම්බලන්ගොඩ ධීවර වරාය කාර්යාලය කියයි.
බත්තලට යටවී ගිය මෝටර් බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනා පිහිනා ගොස් ජීවිත බේරා ගෙන ඇතැයි අම්බලන්ගොඩ ධීවර වරාය කියයි.
මේ මෝටර් බෝට්ටුව බත්තලට යටවී ඇත්තේ අද(25)අලුයම 3.30ට පමණය. මේ අනතුරින් ජීවිත බේරාගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ හිරේවත්තේ පදිංචි එල්.නෙවිල් ද සිල්වා නොහොත් රංග සහ පී.එච්. සමීර යන ධීවරයින් දෙදෙනාය.
මේ ධීවරයින් දෙදෙනා ධීවර රැකියාව කරමින් සිටියදී නැවකින් ඇදගෙන යනු ලැබූ බත්තලට ඔවුන් දෙදෙනා සිටි මෝටර් බෝට්ටුව මහ මුහුදේ යට යනවාත් සමගම එහි සිටි ධීවරයින් දෙදෙනා මුහුදේ පිහිනා ගොස් වෙනත් මෝටර් බෝට්ටුවක එල්ලී සිය දිවිබේරා ගෙන තිබේ.
බත්තලට යටවී පිහිනා දිවි බේරා ගත් ධීවරයින් දෙදෙනා සහ මුහුදු බත්වූ මෝටර් බෝට්ටුව රැගෙන ඒමට අද(25)උදේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් බහුදින ධීවර යාතාවක් ඇතුලුව ධීවර යාතා කිහිපයක් පිටත්ව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd