කැබිතිගොල්ලෑවෙත් විපක්ෂයේ බලය වැඩි වේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කින් හතක බලය ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජනබලවේගයට අසන හයක්ද, ශ්‍රී ලංකා පොදු ජන බලවේගයට ආසන තුනක්ද, මහජන පෙරමුණ සහ ස්වාධින කණ්ඩායම එක් ආසනය බැගින් දිනාගෙන ඇත. 07 May 2025
හිටපු අමාත්‍ය ප්‍රසන්න බාර වෙයි? කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි. 07 May 2025
අනුරාධපුර මහ නගරසභා ජය ජාජබට අනුරාධපුර මහ නගර සභාවේ සභික ධූර 26 න් සභිකධූර 15ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ. 07 May 2025
කොළඹ මහ නගර සභාවෙත් බලය විපක්ෂ කණ්ඩායම්වලට කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117 සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික සමගි ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ. 07 May 2025
හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡනද ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදු විය. 07 May 2025
නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි. 07 May 2025
බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය. 07 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025