
(එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල -ඌරගස්මංහන්දිය මාර්ගයේ කටුවිලදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කම්බි කණුවල ගැටී තරුණයකු මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල පතිරාජගම පදිංචි චමත් දේශාන් නමැති දහඅට හැවිරිදි තරුණයෙක් බවද පොලීසිය කියයි.
මේ තරුණයා තමා සේවය කරන පෞද්ගලික ආයතනයෙන් ලද වැටුප එකතු කොට අනතුරට ලක්වූ යතුරු පැදිය මිලදී ගෙන දින තුනක් පමණ වන බවත් ඔහු තමා මිලදීගත් යතුරු පැදිය පැදීමට පුහුණුවීමට යාමේදී ඊයේ (03) රාත්රී මේ අනතුරට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd