
(නිමල් ජයරත්න )
පොළොන්නරුව දිඹුලාගල දම්ම්න්න අරුණපුර, ඉහළවැව,නිදන්වල, ඇතුළු ගම්මාන රැසකට පවතින අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින්, ගොවීහු පිරිසක් අද පෙරවරුවේ පොළොන්නරුව මාදුරුඔය ප්‍රධාන මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුහ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් කඩා පනින වන අලි රංචු ප්‍රදේශයේ, ගෙවතු වගාවන් ,කුඹුරු බිම්, නිවාස රැසකට හානි කළද ඊට කිසිදු විසඳුමක් නොදුන් බවට විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ.
ගොවීන් මාර්ගය අවහිර කර, බිම වාඩි වී ප්‍රකාශ කර සිටියේ අලි වැටවල් රැසක්ද අක්‍රිය වී ඇති නිසා දිවා මෙන්ම රාත්‍රී කාලයේ ගම්වදින වන අලි නිසා තමන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වය සහ අවදානමට පත්ව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd