
(ගයාන් සූරියආරච්චි)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාලපුතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීම සහ රජයට පාඩු සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙනි.
මීට දින කීපයකට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර් ශන සිදුකරයි.
COMMENTS
අනාගත බන්ධනාගාර ජනාධිපති නාමල්ට තවත් ඡන්ද ටිකක් එකතු වෙනවා.
ඒ පුතාත්, මේ පුතාත් හැර වෙනත් පුතුන් සිටීද?
නොදකින්, අවුරුද්දක් ගිහිල්ලත් මාලිමාවේ ප්‍රමුඛතාවය හොරා පොලිස් ක්‍රීඩාවයි. ඔය කියන අවභාවිතය සමහරවිට රු. ලක්ෂ 5 ක් 6 ක් වෙයි. නමුත් එය හොයන්න, අල්ලන්න, නඩු දාන්න, යන වියදම කොපමණද? නිලධාරීන්ගේ කාලය කොච්චරද? ඩොබිලා ටිකට මෝඩ ආතල් එකක් දෙන එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය. රටේ දැවෙන ප්‍රශ්න කොපමණ තියනවද? රටේ ආර්ථික සංවර්ධනයට කලයුතු දේ කොපමණද? මේ කීපදෙනෙක් පස්සේ හොරා පොලිස් සෙල්ලම කර කර දිව්ව පලියට රට සංවර්ධනය වෙනවාද? මුන්ට චන්දය දුන්න අපි තමයි වග කියන්න ඕනෑ. මුන්ට නම් අමු කැවිලා.
එතනෝල් ජොනියා බලයේ හිටපු කාලේ කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා. වැරැදි කළා නම් දඩුවම් විදින්න වෙනවා.
කර්මය විවිධ ආකාරයෙන් පැමිණිය හැකිය.
පවුල්පිටින් කෑවා නම් පවුල්පිටින් විඳවීම ස්වභාවිකයි.
නැතුව, නැතුව
වැරැදි කළා නම් දඩුවම් විදින්න වෙනවා.