තේ ප්‍රවර්ධන පනතට මුදල් සභාවේ අනුමැතිය තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ අපනයන බදු සහ පාලන පනත යටතේ වන නියෝගයකට සහ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය ලැබිණ 18 July 2025
ෆීලික්ස් බෝම්ගාට්නර් උඩු ගුවනේ දී මරුට අභ්‍යවකාශය අද්දර සිට පෘථිවියට පැනීමෙන් 2012 වසරේ දී ලෝක වාර්තාවක් තැබූ 56 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් ඉතාලියේ පැරා ග්ලයිඩින් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී උඩු ගුවනේ දී හෘදයාබාධයක් වැළඳී ඊයේ(17) මියගොස් ඇතැයි එරට පොලිසිය තහවුරු කළේය. 18 July 2025
තවත් සද්ධන්තයෙක් මීනගයාට බිලි කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි. 18 July 2025
හැටන් පාවහන් වෙළඳසැලක ගින්නක් හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි. 18 July 2025
ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 July 2025
තේ ප්‍රමිතිය බාල කරන අය ගැන දැඩි පියවර ගන්නැයි රජයට ඉල්ලීමක් තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේ ය. 18 July 2025
හිටපු මන්ත්‍රීලාගේ නෝනලා 174 කටත් ’’පැන්ෂන්’’ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 18 July 2025
දෝව කන්ද ඇවිලෙයි දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ ඊෙය්(18) දහවල් හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් සුළඟත් සමඟ ගින්න තවදුරටත් කදුමුදුනේ පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි. 18 July 2025
වව්නියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වව්නියාව ගුවන් හමුදා කදවුර ඉවත් කිරීමේ සූදානමක පවතින බැවින් ඒ පිළිබද තොරතුරු කඩිනමින් දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිවරයාට ලිපියක් යොමු කළ බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පැවසීය. 18 July 2025
රාජිත ගැන තීරණය සවස 2ට හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතාට පූර්ව ඇපයක් නියම කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.ෙකිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්යක්ෂ ජනරාල්වරයාට 18 July 2025
දෙහිවල වෙඩි තැබිමක් දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. 18 July 2025
ගිනි අවියක් සමඟ පහක් පොලිස් දැලේ තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්ටල් එකක් සමඟ පුද්ගලයින් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. 18 July 2025
එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදාදීම සඳහා නිර්දේශ කළ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණයේදී වාසි ලබාගැනීමට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සැකකරු අගෝස්තු 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය. 18 July 2025
විදුලිසැර වැදී විවාහක කත මරුට අන්දරවැව ප්‍රදේශයේ නිවසකදි විදුලි සැර වැදිමෙන් 35 හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි. 18 July 2025
බැංකු ගිණුමකින් හොරෙන් මුදල් ඇද්ද සරසවි සිසුවා මාට්ටු අන්තර්ජාලය ඔස්සේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2025
පළාත් කිපයකට විටින් විට වැසි සබරමුව, පළතෙත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 July 2025
ට්‍රම්ප් ලෙඩ වෙලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත. 18 July 2025
දෙමස්සිනෝ බරටම ගිනි අවි නිපදවලා කටාන කටියල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු ඔවුන් නිෂ්පාදනය කළ බව කියන ගිනි අවිතුනක් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත. 17 July 2025
‘‘රජයේ වැඩවලට මහ සඟරුවනේ අනුශාසනා දිගටම ගන්නවා‘‘ රජයේ කටයුතු වලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර දී පැවැසීය. ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 17 July 2025
චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක තටු කපයි වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 17 July 2025
ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද? ඉන්දියාවේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය අනතුරට පත් වූයේ, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ සුමිත් සබර්වාල් යානයේ ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කිරීම නිසා යැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව, ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත. 17 July 2025
හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම් “හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්රිතාන්ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත. 17 July 2025
යතුරු පැදි ඉස්සූ පාසල් සිසුවා මාට්ටු දඹදෙණිය කර්මාන්ත පුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා කමැති යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ සඟවා තිබූ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 17 July 2025
දරුපැටියා කාගෙදෝ පුස්සැල්ල කැලෙන් ඇහින්දෝ දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි. 17 July 2025
ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ජූලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබු නඩුව අගෝස්තු 21 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළාය. 17 July 2025
හෙද නිලධාරින් 60න් ගෙදර යැවීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය. 17 July 2025
මිදිගම රුවන්ගේ පෙත්සමට දින දෙයි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු යැයි කියන් මිදිගම රුවන් නමැත්තා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දැනුම් දුන්නේය. 17 July 2025
ෂාරුක් ඛාන්ට වෙනත් වැඩක් නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ. 17 July 2025
තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් හෙට (18) ඇමරිකාව බලා පිටත්ව යයි. 17 July 2025
නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා නවීන පන්නයේ යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට නාගර වැව කුරුලු උයනේ හිමිකරු නාරහේන්පිට පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි 17 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026