
(රංජන් කස්තුරි)
මෙරට සමස්ත මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කොළඹදී ඊයේ (7) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය
මත්පැන් භාවිතය නුදුරේදීම මෙරට ආර්ථිකයට සහ සෞඛ්‍යයට බරපතළ අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවත් තවදුරටත් ප්‍රමාද නොවී ඊට පිළියම් යෙදීමට වහාම මැදිහත් විය යුතු බවත් එහිදී මුතුකුඩ මහතා කීවේය.
මේ වන විට ශ්‍රී ලංකාවේ හොර මත්පැන් භාවිතයේ සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙන බවද ඹහු සදහන් කළේය
ගෝලීය දත්ත වාර්තාවලට අනුව මෙරට මත්පැන් භාවිතය සියයට අනූපහකින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් ඉන් හොර මත්පැන් භාවිතයේ සියයට තිස් හතක් පමණ වී ඇති බවත් ඔහු සදහන් කළේය
බෝ නොවන රෝග ඉහළ යාමට මත්පැන් භාවිත ප්‍රධාන ලෙස බලපා තිබෙන බවත් නීති විරෝධී මත්පැන් වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය (මැතිල් ඇල්කොහොල්, බැර ලෝහ) ශරීරයේ අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ට දැඩි හානි සිදු කරන බවත් මුතුකුඩ මහතා පැවසීය.
අක්මාවේ දුර්වලතා, සිරෝසීස් ( Crrhosis), වකුගඩු, පිළිකා, ඇතුළු අභ්‍යන්තරික අවයවවලට දැඩි හානි සිදුවන බවත් පවුල් ආරවුල් මානසික ආතතිය වැනි බෝ නොවන රෝග රැසකට මත්පැන් භාවිතයේ මුල් වන්නේ යැයි ලේකම්වරයා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත වලට අනුව ලංකාවේ මත්පැන් භාවිතයෙන්ම වසරකට ලංකාවේ සෘජු හෝ වක්‍ර මරණ 15000 ත් 20000 ක් පමණ සිදුවන අතරින් දිනකට පුද්ගල මරණ40 ත් 50 ක් සිදුවන බවද ලේකම්වරයා කීය
තවද මාරක අනතුරුවලින් සියයට විස්සක් මත්පැන් භාවිතයෙන් සිදුවන බව ංඛ්‍යා ලේඛන තහවුරු කරන බවද පැවසීය.
මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන් සිදුවන පුද්ගල මරණ වලින් සියයට අසූ පහක් බෝ නොවන රෝග වලින් සිදුවෙන බවත් මිය යන සෑම පුද්ගලයින් 4 කට 1 ක් මත්පැන් භාවිතයෙන් සිදුවන බව තහවුරු වී ඇති බවත් මේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය හා ආර්ථික පද්ධතියට වාර්ෂිකව රුපියල් බිලියන 237 පමණ දැඩි හානියක් සිදුවන බව ද ලේකම්වරයා පැවසීය.
COMMENTS
හොර නොවන මත්පැන් ලාභ කිරීම විසඳුමයි.
හොද අවස්ථාවක්...
අඩුම වශයෙන් අති විශේෂ අරක්කු බෝතලය සාමාන්‍ය ජනතාවට දරන්න හැකි මිලකට දෙන්න.
ලාබම අරක්කු බෝතලයක් මිල කීයද කියල බැලුවොත් ඕකට හේතුව අහුවෙනවා. එත් ආණ්ඩුවට ඕන බදු ආදායම නිසා කවදාවත් මිල අඩු වෙන්නේ නැහැ. ඉතින් හොර අරක්කු කසිප්පු තමයි අඩු ආදායම්ලාභී මිනිස්සු බොන්නෙ.