ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .