පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත. 21 July 2025
යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක් යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය අද අහසට වෙඩි තබා ඇත. 20 July 2025
නූලෙන් බේරුණු දඩයම මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි 20 July 2025
බැංකු යන්ත්‍රයෙන් කෝටි පහක සල්ලි ඇදලා ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පතක් භාවිත කරමින් මාතලේ නගරයේ රජයේ බැංකු ශාඛාවක එ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් (48084000) වංචනික ලෙස ගත් බව කියන දෙදෙනකු සහ ඊට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය. 20 July 2025
පියාගේ දස වධ නොඉවසා දැරියක් කැලේ පැනලා මව විදේශගතව සිටියදී පියාගෙන් වන වධහිසා ඉවසාගත නොහැකිව කැලෑවැදී සිටි 14 වියැති පාසල් දියණියක පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ඇතිව දැඩි වෙහෙසක් දරා සොයා ගත්බව හතරලියද්ද පොලීසිය පැවසීය. 20 July 2025
අදානිට වන්දි ගෙවන්න වෙයි? මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති වෙනුවෙන් වැයකළ රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට ලබාදීමට රජයට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය. 20 July 2025
සක්‍රීය ජනගහනයට වඩා අක්‍රිය ජනගහනය තවමත් වැඩි මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ ’’2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ’’ දැක්වේ. 20 July 2025
‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ. 20 July 2025
රුපලාවන්‍යාගාරයේ තරුණියන් හතක් සිහි නැතිව වැටිලා මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 20 July 2025
බසයක් මගීන් එක්ක දුම්රිය දැක දැකත් හරස් පාරෙන් දමලා නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරිම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරැ අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසීය. 20 July 2025
අස්වැන්න සරුවෙද්දි පුත්තලමේ ලුණු මිල පහළට මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කළ සංචාරයෙදි තහවුරු විණි. 20 July 2025
ඇමෙරිකා යානයක් උඩදී ගිනි ගනී ඇමෙරිකාව ඩෙල්ටා ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතක් ගතවෙත්ම එහි එන්ජිමක ගින්නක් හට ගැනීම හේතුවෙන් නැවතත් ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බෑමට සිදුව ඇත. 20 July 2025
සෞදියේ ’’නිදා සිටින කුමාරයා’’ මිය යයි වසර 20 කට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පසුවූ සෞදියේ අල් වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරු ඊයේ(20) අභාවප්‍රාප්ත වූවේය. 20 July 2025
පා.මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතාන රිමාන්ඩ් කොටස් එකලස් කළ සකස් කරන ලද බව කියන ජිප් රථයක් පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ පුතකු ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය. 20 July 2025
පොළොන්නරුව රෝහලට ජපානෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක් උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්විය. 20 July 2025
දයාසිරිගෙන් නාහිමිවරුන් තිදෙනෙකුට ලිපියක් රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 20 July 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනා වර්ග හතරකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 July 2025
අම්පාරෙන් අ‘පුර යුගයට අයත් පුරාවස්තු රැසක් මතුවෙයි අම්පාර, එරගම මානික්මඩු පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික චෛත්‍යෙය් කැණිම් කටයුතුවලදී අනුරාධපුර මුල් යුගයට අයත් පුරා වස්තු රාශියක් හමුව ඇතැයි පුරා විද්‍යා දෙපාතමේන්තුව කියයි. 20 July 2025
නීති විරෝධිව ගෙන ආ ඉඟුරු සමඟ අයෙක් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරට ගෙන්වන ලද වියළි ඉඟුරු උර 70 ක් නොරොච්චෝල , සංජීකා වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ. 20 July 2025
’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරයි දිවයින පුරා ’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 20 July 2025
බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි සීගිරිය , ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක ඊයේ(19 ) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි. 20 July 2025
කෝප් කෝපා කමිටුවලට දඩුවම් කිරීමේ බලය ? පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) වැනි පාර්ලිමේන්තුවේ වැදගත් විමර්ශන ආයතනවලට දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව නීතිපතිවරයා හා සම්බන්ධවී සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය ලැබෙන නීති ප්‍රතිසංස්කරණ වහා ඇති කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 20 July 2025
’’ධීවර වැඩට මූද පළාතේ යන්න එපා’’ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පුර්ණයෙන්ම වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. 20 July 2025
‘ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය‘ ශ්‍රී ලංකාවට ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව ( Smart Drain ) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ’’ 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය ’’ හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 20 July 2025
දියවන්නාවම කළු වෙයි පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔය කළු පැහැවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 20 July 2025
නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට කතරගම ගොස් ආපසු මෝටර් රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි. 20 July 2025
විපක්ෂ නායක පුටුවට අලුත් කෙනකු ගන්න රහස් සාකච්ඡා විපක්ෂ නායක ධූරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 20 July 2025
අලි පැටව් හයක් ’’ගෙදර’’ යති වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව මව්ආර ප්‍රදේශෙය්දී වනාන්තරයට මුදා හැරියේය. 20 July 2025
පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 25- 30 අතරට පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 20 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026