
සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානයේ ඉලක්ක වෙත ඇමරිකා එක්සත් ජනපදය සහ හවුල්කාර හමුදා විසින් ප්‍රහාර මාලාවක් ඊයේ (10) දින එල්ල කර තිබේ.
පසුගිය මාසයේ 13 වන දින සිරියාවේ IS සංවිධානය විසින් ඇමරිකානු හමුදාවන්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ප්‍රහාරය "Operation Hawkeye Strike" හි කොටසක් ලෙස දියත් කර ඇති බවද වාර්තා වේ.
සිරියාවේ පැල්මයිරා ප්‍රදේශයේදී IS තුවක්කුකරුවෙකු විසින් ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ ඇමරිකානු සිවිල් පරිවර්තකයකු ඝාතනය කිරීමෙන් පසු "Operation Hawkeye Strike" ලෙස නම් කළ මෙහෙයුම පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකාව විසින් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (10) දින සිදු කළ නවතම ප්‍රහාරවලට පෙර, ඇමරිකානු හමුදා පසුගිය මස 19 දින සිට 29 දින දක්වා කාලය තුළ "Operation Hawkeye Strike" හි කොටස් ලෙස දියත් කළ මෙහෙයුම් 11 කදී IS සංවිධානයට අයත් සාමාජිකයින් පිරිසක් ඝාතනය කර ඇති බව හා අල්ලා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකා එක්සත් ජනපද සහ ජෝර්දාන හමුදා එක්ව, IS කණ්ඩායමට එරෙහිව පසුගිය දෙසැම්බර් 19 වන දින "Operation Hawkeye Strike" හි පළමු ප්‍රහාරය දියත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හසිනි නවෝද්‍යා
COMMENTS